Poson Zone in Colombo under the Leadership of Sri Lanka Scout Association

Jun 8, 2026News

A discussion between Secretary to the President Dr. Nandika Sanath Kumanayake and representatives of the Committee for National Scout Poson Zone was held this afternoon (08) at the Presidential Secretariat.
The meeting focused on arrangements and preparatory activities for the inaugural National Scout Poson Zone, which will be held in Colombo on 28 and 29 June in conjunction with this year’s Poson celebrations.
The National Scout Poson Zone is expected to be organised with the participation of Scout members from across the island, with the support of the Tri-Forces, the Police and other public sector institutions, as well as contributions from the private sector, under the coordination of the Presidential Secretariat.
The Poson Zone, which will extend from the Lake House Roundabout to the Police Headquarters Roundabout, will feature a wide range of programmes aimed at promoting religious devotion, cultural values and social harmony. These will include illuminated pandals, lantern displays, replicas of Mihintale, Bhakthi Gee, dansal programmes and several other activities associated with the Poson festival.
Among those present at the discussion were Senior Additional Secretary to the President Roshan Gamage, Chief Scout Commissioner Attorney Manoj Nanayakkara, Additional Director General of the Department of Public Enterprises, D. C. Jayadeva, Commissioner (Daham Schools) of the Department of Buddhist Affairs, Wasantha Kumara Liyanage, Additional District Secretary of Colombo ,M. A. S. Kanchana Gunawardena, Divisional Secretary of Colombo U. P. S. A. Piyadasa, government officials, senior security officers and representatives of sponsoring companies.
 
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පොසොන් කලාපයක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි 28 සහ 29 යන දෙදින කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පළමුවරට පැවැත්වෙන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද දායකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම පොසොන් කලාපය පැවැත්වීමට නියමිතය.
ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය, තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත, දන්සල් ඇතුළු ආගමික ප්‍රබෝධය සහ සංහිඳියාව වැඩිදියුණු කෙරෙන වැඩසටහන් රැසකින් සමන්විතය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී. සී. ජයදේව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (දහම් පාසල්) වසන්ත කුමාර ලියනගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන, කොළඹ ප්‍රාදේශීය ලේකම් යූ. පී. එස්. ඒ. පියදාස යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

இலங்கை சாரணர் சங்கத்தின் ஏற்பாட்டில் கொழும்பை மையமாகக் கொண்ட பொசன் வலயம்

 
இலங்கை சாரணர் சங்கத்தின் ஏற்பாட்டில், கொழும்பை மையமாகக் கொண்டு நடத்தப்படவுள்ள பொசன் வலயம் தொடர்பான கலந்துரையாடலொன்று, ஜனாதிபதி செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்க மற்றும் தேசிய சாரணர் பொசன் வலயக் குழுவின் பிரதிநிதிகளுக்கு இடையில் இன்று (08) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் நடைபெற்றது.
இம்முறை பொசன் பண்டிகையை முன்னிட்டு, ஜூன் 28 மற்றும் 29 ஆகிய இரு தினங்களில் கொழும்பை மையமாகக் கொண்டு முதன்முறையாக நடத்தப்படவுள்ள தேசிய சாரணர் பொசன் வலயத்தை மிக விமர்சையாக நடத்துவது குறித்தும், அதற்கான பூர்வாங்க ஏற்பாடுகள் குறித்தும் இங்கு கலந்துரையாடப்பட்டது.
ஜனாதிபதி அலுவலகத்தின் தலையீட்டுடன், முப்படையினர், பொலிஸார் உள்ளிட்ட அரச துறையினரினதும், தனியார் துறையினரினதும் பங்களிப்புடன், நாடளாவிய ரீதியில் உள்ள அனைத்து சாரண உறுப்பினர்களின் பங்கேற்புடன் இந்த பொசன் வலயம் நடத்தப்படவுள்ளது.
லேக்ஹவுஸ் சுற்றுவட்டம் முதல் பொலிஸ் தலைமையக சந்தி வரையிலான பகுதியை மையமாகக் கொண்டு நடத்தப்படும் இப்பொசன் வலயத்தில், தோரணங்கள், விளக்குக் கூடுகள், மிகிந்தலை மாதிரிகள், பக்திப் பாடல்கள், தன்சல்கள் உள்ளிட்ட ஆன்மீக எழுச்சியையும் நல்லிணக்கத்தையும் மேம்படுத்தும் பல நிகழ்ச்சிகள் உள்ளடக்கப்பட்டுள்ளன.
ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிக செயலாளர் ரொஷான் கமகே, பிரதம சாரணர் ஆணையாளர் சட்டத்தரணி மனோஜ் நாணயக்கார, அரச நிறுவனங்கள் திணைக்கள மேலதிக பணிப்பாளர் நாயகம் டி. சி. ஜயதேவ, பௌத்த விவகார திணைக்களத்தின் ஆணையாளர் (தஹம் பாடசாலை) வசந்த குமார லியனகே, கொழும்பு மேலதிக மாவட்ட செயலாளர் எம். ஏ. எஸ். காஞ்சனா குணவர்தன, கொழும்பு பிரதேச செயலாளர் யூ. பி. எஸ். ஏ. பியதாச உள்ளிட்ட அரச அதிகாரிகள், பாதுகாப்புப் பிரிவின் சிரேஷ்ட அதிகாரிகள் மற்றும் அனுசரணை வழங்கும் நிறுவனங்களின் பிரதிநிதிகள் பலரும் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...