ශ්රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ උපදෙස් මත සහකාර ප්රධාන කොමසාරිස් ( බාලදක්ෂ) කපිල ප්රියන්ත මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
බාලදක්ෂයකු ලෙස දීර්ඝ වූ, අසීරු වූ ගමනක යෙදෙමින්, අපරිමිත කැපකිරීම් මැදින් පැමිණි වික්රමාන්විත හා අභිමානවත් ගමනක ප්රතිඵලයක් ලෙස බාලදක්ෂයා ජනාධිපති ප්රදානය නම් වූ අභිමානවත් කඩයිම කරා ළඟා වෙයි.
ඒ සඳහා වන අවශ්යතා සම්පූර්ණ කර ජාතික මූලස්ථානයට අයදුම්පත් භාරදීමෙන් සුදුසුකම් ලැබූ ජ්යෙෂ්ඨ බාලදක්ෂයන් 100 කට ආසන්න පිරිසක්, බාලදක්ෂ දිස්ත්රික්ක 18ක් නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වුහ.
මෙම සම්මුඛ පරීක්ෂණය ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතා, සහකාර ප්රධාන කොමසාරිස් – බාලදක්ෂ කපිල ප්රියන්ත මහතා, සහකාර බාලදක්ෂ කොමසාරිස් – සංවර්ධන හා සුභසාධන දේශාන් මිලින්ද මහතා, විශේෂ කොමසාරිස් සහ ජාතික වැඩසටහන් අධ්යක්ෂ ප්රශංජන රාජපක්ෂ මහතා, විශේෂ කොමසාරිස් ගාමිණී දිසානායක මහතා ඇතුළු ජාතික මුලස්ථාන කොමසාරිස්වරුන්, සහකාර මුලස්ථාන කොමසාරිස්වරුන්, සහකාර දිසා කොමසාරිස්වරුන් ඇතුළු ඉහළම සුදුසුකම් ලත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් මෙහෙයවන ලදී.
இலங்கை சாரணர்களின் மிக உயர்ந்த விருதான ஜனாதிபதி சாரணப் பதக்கத்திற்கான நேர்காணல் ஒக்டோபர் 11 ஆம் திகதி ஞாயிற்றுக்கிழமை தேசிய சாரண தலைமையக வளாகத்தில் நடைபெற்றது. ஒக்டோபர் மாதத்திற்கான இரண்டாவது நேர்காணலான குறித்த நேர்காணல், பிரதான ஆணையாளர் சட்டத்தரணி மனோஜ் நானாயக்கார அவர்களின் வழிகாட்டலின் கீழ், உதவிப் பிரதான ஆணையாளர் (சாரணர்) கபில பிரியந்த அவர்களின் தலைமையில் இடம்பெற்றது.
ஒரு சாரணராக நீண்ட, கடினமான பயணத்தில் ஈடுபட்டு, எல்லையற்ற தியாகங்களுக்கு மத்தியில் வந்த சாகச மற்றும் பெருமைமிக்க பயணத்தின் பலனாக, சாரணர் ஜனாதிபதி விருது எனப்படும் பெருமைமிக்க இலக்கை அடைந்து கொள்கிறார்.
அதற்கான தேவைகளைப் பூர்த்தி செய்து தேசிய தலைமையகத்தில் விண்ணப்பங்களைச் சமர்ப்பித்து தகுதி பெற்ற 100 இற்கும் மேற்பட்ட சிரேஷ்ட சாரணர்கள், 18 சாரண மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்தி இதில் கலந்து கொண்டனர்.
இந்த நேர்காணலானது தேசிய திட்ட ஆணையாளர் கீத் ரமேஷ், உதவிப் பிரதான ஆணையாளர் – சாரணர் கபில பிரியந்த, உதவிச் சாரண ஆணையாளர் – அபிவிருத்தி மற்றும் நல்வாழ்வு தேஷான் மிலிந்த, சிறப்பு ஆணையாளர் மற்றும் தேசிய திட்டப் பணிப்பாளர் பிரசஞ்ஜன ராஜபக்ஷ, சிறப்பு ஆணையாளர் காமினி திசாநாயக்க உள்ளிட்ட தேசிய தலைமையக ஆணையாளர்கள், உதவித் தலைமையக ஆணையாளர்கள், உதவி மாவட்ட ஆணையாளர்கள் அடங்கிய అత్యంత தகுதி வாய்ந்த நேர்காணல் குழுவினால் நடாத்தப்பட்டது.


