The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026.
Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase focused on streamlining registration and badge certification processes.
ජාතික බාලදක්ෂ ඩිජිටල්කරණ වැඩ සටහන…අදියර 3
දිවයිනේ සියළු බාලදක්ෂ ලියාපදිංචි කටයුතු හා පදක්කම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ 3 වෙනි අදියර 2026.08.16 වෙනි ඉරු දින ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනොජ් නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පවත්වන ලදී.
මේ සඳහා අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, මාතලේ, මාතර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, නාවලපිටිය, මොණරාගල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් බාලදක්ෂ නිලධාරීන් පිරිසක් සහභාගී වු අතර, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතා සහ සහකාර මූලස්ථාන කෙමසාරිස් ආෂික් ෂාෆි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.


