Launching of Official Logo, Theme Song and the Scarf of the “Athnoree” District Scout Rally 2026 and Opening of the “Baladhaksha Mawatha” in the Heart of the Kurunegala City Was Successfully Held

Jul 24, 2026News

The official ceremony to launch the official logo, theme song, and scarf for the “Athnoree” 2026 District Scout Rally, alongside the opening of the “Baladhaksha Mawatha” in the heart of the Kurunegala city, was held on July 24, 2026, at the Kurunegala District Scout Headquarters premises. The event was organized by the Kurunegala District Branch of the Sri Lanka Scout Association.
Attorney-at-Law Manoj Nanayakkara, Chief Commissioner of the Sri Lanka Scout Association, attended as the Chief Guest. Attorney-at-Law Ananda Sahabandu, Mayor of the Kurunegala Municipal Council, and Engineer Merrille Goonetilleke, former Chief Commissioner of the Sri Lanka Scout Association, also graced the occasion.
A key highlight of the event was the official unveiling of the Athnoree 2026 District Scout Rally’s theme song, logo, and official scarf by Chief Commissioner Manoj Nanayakkara. Additionally, the “Baladhaksha Mawatha”—designed to symbolize the future path of the scouting movement—was officially opened by the Mayor of the Kurunegala Municipal Council.
The event saw the participation of Dr. Kosala Amunugama, Kurunegala District Scout Commissioner, alongside Assistant District Commissioners of the Kurunegala District Branch, Scout Leaders, Rover and Senior Scouts, and a large number of invited guests.
Serving as a prelude to the upcoming Athnoree 2026 District Scout Rally, this ceremony marked a significant milestone by establishing the Scouting identity while strengthening scouting values, brotherhood, and leadership.
 
කුරුණෑගල නගර මධ්යයේ “බාලදක්ෂ මාවත” විවෘත කිරීම සහ “ඇත්නෝරි” 2026 දිසා බාලදක්ෂ රැළියේ නිල ලාංඡනය, තේමා ගීතය සහ කර ලේන්සුව එළිදැක්වීමේ උත්සවය සාර්ථකව පැවැත්වේ
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ කුරුණෑගල දිසා ශාඛාව විසින් සංවිධානය කරනු ලබන “ඇත්නෝරි” 2026 දිසා බාලදක්ෂ රැළිය වෙනුවෙන් නිල ලාංඡනය එළිදැක්වීම, තේමා ගීතය ජනගත කිරීම, කර ලේන්සුව හඳුන්වාදීම සහ කුරුණෑගල නගර මධ්යයේ ඉදි වූ “බාලදක්ෂ මාවත” විවෘත කිරීමේ විශේෂ උත්සවය 2026 ජූලි මස 24 වන දින කුරුණෑගල දිසා බාලදක්ෂ මූලස්ථාන පරිශ්රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සහභාගී වූ අතර, කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සහ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්රධාන කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස “ඇත්නෝරි” 2026 දිසා බාලදක්ෂ රැළියේ නිල තේමා ගීතය, නිල ලාංඡනය සහ නිල කර ලේන්සුව ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සුරතින් නිල වශයෙන් එළිදැක්වීම සිදු කෙරිණි. එමෙන්ම බාලදක්ෂයන්ගේ අනාගත ගමන්මඟ සංකේතවත් කරමින් සකස් කළ “බාලදක්ෂ මාවත” කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිතුමා විසින් මෙදින නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට කුරුණෑගල දිසා බාලදක්ෂ කොමසාරිස් වෛද්ය කෝසල අමුණුගම මහතා ඇතුළු කුරුණෑගල දිසා ශාඛාවේ සහය දිසා කොමසාරිස්වරු, බාලදක්ෂ නායක නායිකාවන්, මානවක හා ජ්යෙෂ්ඨ බාලදක්ෂයන් මෙන්ම ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත “ඇත්නෝරි” 2026 දිසා බාලදක්ෂ රැළිය සඳහා පෙරනිමිත්තක් වූ මෙම උත්සවය, බාලදක්ෂ අනන්යතාවය ජනගත කරමින් බාලදක්ෂ සාරධර්ම, සහෝදරත්වය හා නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයක් බවට පත්විය.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...