High-Level Delegation of the World Organization of the Scout Movement Asia-Pacific Region Visits Sri Lanka

Jul 16, 2026News

The visiting delegation includes regional leadership figures: Dr. Mohd Zin Bin Bidin (Chairperson, Regional Scout Committee), Mr. Dev Raj Ghimire (Vice-Chairperson), Gen. Cedrick G. Train (Member), Atty. Wendel E. Avisado (Consultant), and Mr. J. Rizal C. Pangilinan (Regional Director).
The delegation was warmly received at the VIP Lounge of Bandaranaike International Airport, Katunayake, by Dr. Asanka Eriyawa, International Commissioner of the Sri Lanka Scout Association, alongside Assistant Chief Commissioners Mr. Prabath Kumarathne, Mr. Amil Abesundara, and a team of National Commissioners.
During the visit, the delegates will pay a courtesy call on the newly appointed Chief Commissioner of the Sri Lanka Scout Association, Attorney at Law, Mr. Manoj Nanayakkara. Their discussions will focus on strategic growth, expanding regional collaboration, and enhancing youth leadership opportunities through Scouting.
As part of the official itinerary, the delegation will also attend the Graduation Ceremony of the Course for Scouting Management on 17 July 2026 at the General Sir John Kotelawala Defence University (KDU). The specialized leadership program is jointly organized by KDU and the Asia-Pacific Regional Support Centre of WOSM to recognize emerging Scout leaders.
The visit underscores the strong partnership between the Sri Lanka Scout Association and WOSM, reaffirming a shared commitment to empowering young people through international cooperation and character building.
 
ලෝක බාලදක්ෂ ව්යාපාර සංවිධානයේ (WOSM) ආසියා-පැසිෆික් කලාපීය උසස් මට්ටමේ නියෝජිත පිරිසක් ශ්රී ලංකාවේ සංචාරයක
කොළඹ, ශ්රී ලංකාව – 2026 ජූලි 16
කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්රී ලංකාවේ බාලදක්ෂ ව්යාපාරයේ අඛණ්ඩ සංවර්ධනයට සහය වීම අරමුණු කරගත් නිල සංචාරයක් සඳහා ලෝක බාලදක්ෂ ව්යාපාර සංවිධානයේ (WOSM) ආසියා-පැසිෆික් කලාපීය උසස් මට්ටමේ නියෝජිත පිරිසක් ශ්රීලන්කන් ගුවන් සේවයේ UL315 දරන ගුවන් යානයෙන් අද (2026 ජූලි 16) ශ්රී ලංකාවට පැමිණියහ.
DOCX
මෙම නියෝජිත පිරිසට පහත සාමාජිකයින් ඇතුළත් වේ:
• ආචාර්ය මොහොමඩ් සින් බින් බිඩින් මහතා – සභාපති, කලාපීය බාලදක්ෂ කමිටුව, ආසියා-පැසිෆික් කලාපය (WOSM)
• දේව් රාජ් ගිමිරේ මහතා – උප සභාපති, කලාපීය බාලදක්ෂ කමිටුව, ආසියා-පැසිෆික් කලාපය (WOSM)
• ජෙනරාල් සෙඩ්රික් ජී. ට්රේන් මහතා – සාමාජික, කලාපීය බාලදක්ෂ කමිටුව, ආසියා-පැසිෆික් කලාපය (WOSM)
• නීතිඥ වෙන්ඩෙල් ඊ. අවිසාඩෝ මහතා – උපදේශක, කලාපීය බාලදක්ෂ කමිටුව, ආසියා-පැසිෆික් කලාපය (WOSM)
• ජේ. රිසාල් සී. පැන්ගිලිනන් මහතා – කලාපීය අධ්යක්ෂ, ආසියා-පැසිෆික් කලාපය (WOSM)
කටුනායක, බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ ප්රභූ පර්යන්තයේදී ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්යන්තර කොමසාරිස් Dr. අසංක එරියාව මහතා ප්රමුඛ සහකාර ප්රධාන කොමසාරිස්වරුන් වන ප්රභාත් කුලරත්න මහතා, අමිල් අබේසුන්දර මහතා සහ ජාතික කොමසාරිස්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර, නියෝජිත පිරිස ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ අභිනවයෙන් පත් වූ ප්රධාන කොමසාරිස් මනෝජ් නානායක්කාර මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිතය. මෙම හමුවේදී ශ්රී ලංකාවේ බාලදක්ෂ ව්යාපාරයේ අනාගත සංවර්ධනය, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සහ ආසියා-පැසිෆික් කලාපය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම බාලදක්ෂ ව්යාපාරය හරහා තරුණ සංවර්ධනය තවදුරටත් ඉහළ නැංවීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
නිල වැඩසටහනේ කොටසක් ලෙස, 2026 ජූලි 17 වන දින ශ්රී ජයවර්ධනපුර ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේදී (KDU) පැවැත්වෙන ‘බාලදක්ෂ කළමනාකරණ පාඨමාලාවේ’ උපාධි ප්රදානෝත්සවයටද නියෝජිත පිරිස සහභාගී වනු ඇත. කලාපයේ බාලදක්ෂ නායකයින් සඳහා සකස් කරන ලද නායකත්ව සහ කළමනාකරණ වැඩසටහන සාර්ථකව අවසන් කළ සහභාගිවන්නන් අගය කිරීම සඳහා මෙම වැඩසටහන කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය සහ ලෝක බාලදක්ෂ ව්යාපාර සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය සහය මධ්යස්ථානය විසින් ඒකාබද්ධව සංවිධානය කර ඇත.
මෙම සංචාරය ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සහ ලෝක බාලදක්ෂ ව්යාපාර සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබිඹු කරන අතර, ගුණාත්මක බාලදක්ෂ ව්යාපාරය, නායකත්ව සංවර්ධනය සහ ජාත්යන්තර සහයෝගීතාව තුළින් තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා ඔවුන් බෙදා ගන්නා කැපවීම නැවත තහවුරු කරයි.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මෙම ගෞරවනීය නියෝජිත පිරිස පිළිගන්නා අතර, ශ්රී ලංකාවේ සහ සමස්ත ආසියා-පැසිෆික් කලාපයේ බාලදක්ෂ ව්යාපාරය තවදුරටත් ශක්තිමත් කරන ඵලදායී සාකච්ඡා අපේක්ෂා කරයි

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...