Chief Scout Commissioner Announces Special Appointment: Mr. M. E. S. Jayasinghe Appointed as Special Commissioner

Jun 25, 2026News

Chief Scout Commissioner, Attorney-at-Law Manoj Nanayakkara, has appointed former National Training Commissioner, Mr. M. E. S. Jayasinghe, as the Special Commissioner for Chief Commissioner’s Coordination.
The official letter of appointment was recently presented to Mr. Jayasinghe at the Sri Lanka Scout National Headquarters in Colombo 02.
Mr. Jayasinghe is a veteran who has been actively dedicated to the Scout Movement for over seven decades. He previously served as the 10th National Training Commissioner of the Association from 2009 to 2014, contributing immensely to the advancement of scouting. His vast experience is expected to greatly strengthen the future coordination and strategic initiatives of the Scout Movement.
 
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විශේෂ පත්කිරීමක්: එම්. ඊ. එස්. ජයසිංහ මහතා නව විශේෂ කොමසාරිස් ධූරයට
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයෙකු වන එම්. ඊ. එස්. ජයසිංහ මහතා, ප්‍රධාන කොමසාරිස් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ විශේෂ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් සිදු කර ඇත.
මේ සඳහා වන නිල පත්වීම් ලිපිය පසුගියදා කොළඹ 02, ශ්‍රී ලංකා බාලදක්ෂ ජාතික මූලස්ථානයේදී ජයසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
දශක හතකට (7) අධික දීර්ඝ කාලයක් පුරා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකර ඇති එම්. ඊ. එස්. ජයසිංහ මහතා, 2009-2014 කාලසීමාව තුළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 10 වන ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කරමින් බාලදක්ෂ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයෙකි. එතුමාගේ එම අත්දැකීම් බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වනු ඇත.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...