Assistant District Commissioner Admin Section Workshop

Apr 4, 2026News

Strengthening ADC Administration for Effective Scouting Leadership

The Assistant District Commissioners (ADC) Seminar was successfully held on 04 April 2026 at the SLSA Auditorium under the theme “Strengthening ADC Administration for Effective Scouting Leadership.” The event was conducted under the patronage of the Chief Commissioner, Mr. Manoje Nanayakkara, Attorney-at-Law.
The seminar was attended by key officials, including the National Programme Commissioner, Mr. Geeth Ramesh; Assistant Chief Commissioner Miss Chandrani Fernando (Singithi, Cub Scouts & Girls in Scouting); Assistant Chief Commissioner Mr. Amil Abesundara (Resource Development, Projects & Risk Management); Headquarters Commissioner Mr. Sanjaya Marambe; Headquarters Commissioner Mr. M. D. A. Ellapola; Assistant Headquarters Commissioner Mr. Sumeda Appuhami; Assistant Headquarters Commissioner Mr. I. L. Jaleel; and Mr. I. D. Sachindra Priyanath.
The event was organized by the Management & Finance Department under the leadership of Assistant Chief Commissioner Mr. Sampath Kariyawasam.
 

ඵලදායී බාලදක්ෂ නායකත්වයක් සඳහා ADC පරිපාලනය ශක්තිමත් කිරීම

 
“ඵලදායී බාලදක්ෂ නායකත්වයක් සඳහා ADC පරිපාලනය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ සහකාර දිස්ත්‍රික් කොමසාරිස්වරුන්ගේ (ADC) සම්මන්ත්‍රණය 2026 අප්‍රේල් 04 දින SLSA ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම අවස්ථාව ප්‍රධාන කොමසාරිස්තුමා වන නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ආශීර්වාදය යටතේ පැවැත්වුණි.
මෙම සම්මන්ත්‍රණයට ජාතික වැඩසටහන් කොමසාරිස්තුමා වන ගීත් රමේෂ් මහතා, සහකාර ප්‍රධාන කොමසාරිස්තුමිය වන චන්ද්‍රාණි ප්‍රනාන්දු මෙනවිය. (සිගිති, පෝතක සහ කාන්තා බාලදක්ෂ), සහකාර ප්‍රධාන කොමසාරිස්තුමා වන අමිල් අබේසුන්දර මහතා (සම්පත් සංවර්ධනය, ව්‍යාපෘති හා අවදානම් කළමනාකරණය), මූලස්ථාන කොමසාරිස්තුමා වන නීතිඥ සංජය මරඹේ මහතා, මූලස්ථාන කොමසාරිස්තුමා වන එම්. ඩී. ඒ. එල්ලපොල මහතා, සහකාර මූලස්ථාන කොමසාරිස්තුමා වන සුමේද අප්පුහාමි මහතා, සහකාර මූලස්ථාන කොමසාරිස්තුමා වන අයි. එල්. ජලීල් මහතා සහ අයි. ඩී. සචින්ද්‍ර ප්‍රියනාත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන කළමනාකරණ හා මුදල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර, එය සහකාර ප්‍රධාන කොමසාරිස්තුමා වන සම්පත් කරියවසම් මහතාගේ නායකත්වය යටතේ සිදු විය.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...