Special Meeting between the Hon. Prime Minister and the Sri Lanka Scout Association

Oct 5, 2026News

A special discussion on the advancement of the Sri Lanka Scout Movement and its forthcoming development programmes was recently held between the Hon. Prime Minister and Minister of Education and Higher Education, Dr. Harini Amarasuriya, and the Chief Commissioner of the Sri Lanka Scout Association, Senior Attorney-at-Law Mr. Manoj Nanayakkara, at the Ministry of Education.
The meeting was attended by Deputy Minister of Education and Higher Education Dr. Madura Seneviratne, a group of senior officials representing the Ministry of Education, and the following officials of the Sri Lanka Scout Association: Deputy Chief Commissioner Senior Attorney-at-Law Mr. Kapila Kalyana Perera; National Training Commissioner Colonel (Retd.) Mr. Padmalal Perera; National Programme Commissioner Mr. Geeth Ramesh; Special Commissioner (Chief Commissioner Coordination) and former National Training Commissioner Mr. M. E. S. Jayasinghe; Assistant Chief Commissioner in charge of Management and Finance Mr. Sampath Kariyawasam; Assistant Chief Commissioner (Scouts) Mr. Kapila Priyantha; and Assistant Chief Commissioner (Cub Scouts and Girl Scouts) Miss Chandrani Fernando.
ගරු අග්‍රාමාත්‍යතුමිය සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අතර විශේෂ හමුවක්….
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ අභිවෘද්ධිය සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මැතිනිය සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා අතර පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් (විශ්‍රාමික) පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, විශේෂ කොමසාරිස් (ප්‍රධාන කොමසාරිස් සම්බන්ධීකරණ) සහ හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් එම්. ඊ. එස්. ජයසිංහ, කළමනාකරණ සහ මූල්‍ය අංශ භාර සහකාර ප්‍රධාන කොමසාරිස් සම්පත් කාරියවසම්, සහකාර ප්‍රධාන කොමසාරිස් (බාලදක්ෂ) කපිල ප්‍රියන්ත යන මහත්වරුන් සහ සහකාර ප්‍රධාන කොමසාරිස් (පෝතක සහ බාලදක්ෂ බාලිකා) චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනෙවිය එක්ව සිටියහ.
கௌரவப் பிரதமருக்கும் இலங்கை சாரண இயக்கத்திற்கும் இடையிலான சிறப்புக் சந்திப்பு….
இலங்கை சாரண இயக்கத்தின் அபிவிருத்தி மற்றும் எதிர்கால வளர்ச்சித் திட்டங்கள் குறித்த சிறப்புக் சந்திப்பு ஒன்று, கௌரவப் பிரதமரும் கல்வி மற்றும் உயர்கல்வி அமைச்சருமான கலாநிதி ஹரிணி அமரசூரிய அவர்களுக்கும், இலங்கை சாரண இயக்கத்தின் பிரதம ஆணையாளர், சிரேஷ்ட சட்டத்தரணி மனோஜ் நாணயக்கார அவர்களுக்கும் இடையில் கடந்த நாட்களில் கல்வி அமைச்சில் நடைபெற்றது.
இந்நிகழ்வில் கல்வி மற்றும் உயர்கல்வி பிரதி அமைச்சர் வைத்தியர் மதுர செனவிரத்ன, கல்வி அமைச்சினைப் பிரதிநிதித்துவப்படுத்தி உயர்மட்ட அதிகாரிகளும், இலங்கை சாரண இயக்கத்தின் பிரதித் பிரதம ஆணையாளரும் சிரேஷ்ட சட்டத்தரணியுமான கபில கல்யாண பெரேரா, தேசிய பயிற்சி ஆணையாளர் ஓய்வுபெற்ற கர்னல் பத்மலால் பெரேரா, தேசிய திட்ட ஆணையாளர் கீத் ரமேஷ், சிறப்பு ஆணையாளர் (பிரதம ஆணையாளரின் இணைப்பாளர்) முன்னாள் தேசிய பயிற்சி ஆணையாளர் எம். ஈ. எஸ். ஜெயசிங்க, முகாமைத்துவ மற்றும் நிதிப் பிரிவுகளுக்குப் பொறுப்பான உதவித் பிரதம ஆணையாளர் சம்பத் காரியவசம், உதவித் பிரதம ஆணையாளர் (சாரணம்) கபில பிரியந்த ஆகியோருடன். உதவி பிரதம ஆணையாளர் (குளுளை மற்றும் பெண் சாரணிகள்) சந்திரானி பெர்னாண்டோ அவர்களும் கலந்து கொண்டனர்.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...