𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗙𝗶𝗿𝘀𝘁 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

Oct 4, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 4 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ උපදෙස් මත සහකාර ප්‍රධාන කොමසාරිස් ( බාලදක්ෂ) කපිල ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණය සිදු කෙරිණි.
​බාලදක්ෂයකු ලෙස දීර්ඝ වූ, අසීරු වූ ගමනක යෙදෙමින්, අපරිමිත කැපකිරීම් මැදින් පැමිණි වික්‍රමාන්විත හා අභිමානවත් ගමනක ප්‍රතිඵලයක් ලෙස බාලදක්ෂයා ජනාධිපති ප්‍රදානය නම් වූ අභිමානවත් කඩයිම කරා ළඟා වෙයි.
​ඒ සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කර ජාතික මූලස්ථානයට අයදුම්පත් භාරදීමෙන් සුදුසුකම් ලැබූ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් සියයකට ආසන්න පිරිසක්, බාලදක්ෂ දිස්ත්‍රික්ක 20ක් නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වුහ. අද දින සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අයදුම්කරුවන්ට එම අවස්ථාව ඔවුන්ගේ ජීවිතයේ තවත් සුවිශේෂි දිනයක් කරමින්, සුබ පැතීමට ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ද එක්ව සිටියේය.
​මෙම සම්මුඛ පරීක්ෂණය ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතා, සහකාර ප්‍රධාන කොමසාරිස් – බාලදක්ෂ කපිල ප්‍රියන්ත මහතා, සහකාර බාලදක්ෂ කොමසාරිස් – සංවර්ධන හා සුභසාධන – දේශාන් මිලින්ද මහතා, විශේෂ කොමසාරිස් සහ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රශංජන රාජපක්ෂ මහතා ඇතුළු ඉහළම සුදුසුකම් ලත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් මෙහෙයවන ලදී.
இலங்கைச் சாரணர்களின் மிக உயரிய விருதான ஜனாதிபதி சாரணர் பதக்கத்திற்கான நேர்காணல் இன்று (அக்டோபர் 04) ஞாயிற்றுக்கிழமை அன்று தேசிய சாரண தலைமையக வளாகத்தில் நடைபெற்றது.
தலைமை ஆணையர் சட்டத்தரணி மனோஜ் நானாயக்கார அவர்களின் வழிகாட்டலின்படி, உதவிப் தலைமை ஆணையாளர் (சாரணர்) கபில பிரியந்த அவர்களின் தலைமையில் இந்நேர்காணல் மேற்கொள்ளப்பட்டது.
ஒரு சாரணராக நீண்ட, கடினமான பயணத்தில் ஈடுபட்டு, எல்லையற்ற தியாகங்களுக்கு மத்தியில் வந்தடைந்த சாகசமிக்க மற்றும் பெருமைமிகு பயணத்தின் விளைவாக, சாரணர் ‘ஜனாதிபதி விருது’ எனப்படும் பெருமைமிகு மைல்கல்லை எட்டுகிறார்.
அதற்கான தேவைகளைப் பூர்த்தி செய்து தேசிய தலைமையகத்தில் விண்ணப்பங்களைச் சமர்ப்பித்து தகுதிபெற்ற நூறுக்கும் அதிகமான சிரேஷ்ட சாரணர்கள், 20 சாரண மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தி இதில் கலந்துகொண்டனர். இன்றைய தினம் நேர்காணலை எதிர்கொள்ளும் விண்ணப்பதாரர்களுக்கு அந்த சந்தர்ப்பத்தை அவர்களின் வாழ்க்கையின் மற்றொரு சிறப்பான நாளாக மாற்றி வாழ்த்துத் தெரிவிப்பதற்காகப் தலைமை ஆணையாளர் சட்டத்தரணி மனோஜ் நானாயக்கார அவர்களும் கலந்துகொண்டிருந்தார்.
இந்நேர்காணலானது தேசிய திட்ட ஆணையாளர் கித் ரமேஷ், உதவிப் தலைமை ஆணையாளர் – சாரணர் கபில பிரியந்த, உதவிச் சாரண ஆணையாளர் – அபிவிருத்தி மற்றும் நலன்புரி தேசான் மிலிந்த, விசேட ஆணையாளர் மற்றும் தேசிய திட்டப் பணிப்பாளர் பிரசஞ்ஜன ராஜபக்ச உள்ளிட்ட மிக உயர் தகைமை கொண்ட நேர்காணல் குழுவினால் நடாத்தப்பட்டது.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...