𝗕𝗣 𝗔𝘄𝗮𝗿𝗱 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆

Oct 3, 2026News

The BP Award, the highest award of the Rover Scout Section of the Sri Lanka Scout Association, was proudly presented today at the Sri Lanka Scout Association Auditorium.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මානවක බාලදක්ෂ අංශයේ උසස්ම ප්‍රදානය වන BP ප්‍රදානය පිරිනැමීමේ ප්‍රදානෝත්සවය, ඔක්තෝම්බර් 3 දින ශ්‍රී ලංකා බාලදක්ෂ සංගම් ශ්‍රවණාගාරයේදී අභිමනාවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ආරාධනයෙන් මෙම සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස, ගරු ජනාධිපතිතුමාගේ නීති කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා සහභාගී විය.
මානවක අංශය භාර සහකාර ප්‍රධාන කොමසාරිස් දිලුම් දුමින්ද මහතාගේ මුලිකත්වයෙන් මානවක බාලදක්ෂ නායක කමිටුවක් විසින් මෙම සම්මාන ප්‍රදාන උත්සවය සංවිධානය කරන ලදී.
මානවක බාලදක්ෂයන් ලෙස එම අංශයේ විෂය නිර්දේශයට අනුව සියලු අවශ්‍යතා සාර්ථකව සම්පුර්ණ කරමින් එම ප්‍රදානය දිනගැනීමට සුදුසුකම් ලත් මානවක බාලදක්ෂයින් 7 දෙනෙකු මෙලෙස BP ප්‍රදානය දිනාගන්නා ලදී.
මේ අවස්ථාවේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගී වූ ගරු ජනාධිපතිතුමාගේ නීති කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා තම සුභාශිංසන සහ ඇගයීම BP ප්‍රදානලාභීන්ට පුදකරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු මත පිහිටා වර්තමාන ප්‍රධාන කොමසාසරිස්තුමා යටතේ අත්කරගෙන ඇති සාර්ථකත්වය ගැන සතුටු වන බව පවසමින් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ගතවූ 114 වසරක ඉතිහාසය පුරා යහපත් සමාජයක් නිර්මාණය කරන්න කල කාර්යභාරය අගය කල අතර රටට වැඩදායි පුරවැසියන් බිහිකිරිම හුදෙක්ම පාසල් විෂය නිර්දේශයක් මත සිට කල නොහැකි බව සහ එම අරමුණු සාර්ථක කරගැනීමට ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්වල දායකත්වය වැදගත් බව පෙන්වා දෙමින් එහි බාලදක්ෂ කටයුතු වල සුවිශේෂත්වය අවධාරණය කළේය. වත්මන් ජනාධිපතිතුමා විසින් කරන්නට වෙහෙසෙන පරිවර්තනිය වෙනස කුළුණු තුනක් ලෙස හඳුන්වමින් එම කුළුනු වන සදාචාරය, පරිසරය සහ සමාජය සුරැකීමේ වැඩපිළිවෙල ගැන රැස්ව සිටි සෑම දනුවත් කළේය. එම උත්සහයන්හි බාලදක්ෂ කාර්යහාරය ඉතා වැදගත් බව සඳහන් කරමින් බාලදක්ෂ කටයුතු විශ්ව විද්‍යාල පද්ධතිය තුලට සහ සමාජයට, වැඩහිටියන් අතරට ගෙනයමේ වැදගත්කම පෙන්වා දෙමින් රජය විසින් ගෙනයන ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට බාලදක්ෂ සක්‍රීය දායකත්වය ලබාදී එම කටයුතු සාර්ථකත්වය සඳහා දායකවීමට ආරාධනා කළේය.
මෙහි දී අදහස් දක්වමින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, අද තරුණ පරපුර සමාජ අහිතකර තත්වයන්හි ගොදුරු බවට පත්ව සිටින සමාජ යතාර්ථයක්‌ තුල මෙම තරුණයන් එවන් සියලු අභියෝග, ගැටළු, තරුණ වයසේ හැඟීම් සහ කඩාවැටීම්, ආර්ථික සහ සමාජ අභියෝග තුලින්, තමන්ව ආරක්ෂා කරගනිමින් පැමිණ මෙම BP ප්‍රදානය ලබාගැනීම ඉහලින්ම අගය කල අතර
BP ප්‍රදානය දිනාගැනීමෙන් අනතුරුව ඔහුන්ගේ බාලදක්ෂ දිවිය නිමානොවන බව පෙන්වා දෙමින් බාලදක්ෂ නායකයන් වී බාලදක්ෂ ව්‍යාපාරයත් සමග ඉදිරියට යෑම කෙරෙහි දැනුමවත් කල අතර ප්‍රධාන කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා ඇරඹු ශ්‍රී ලංකා බාලදක්ෂ කාර්ය සාධක බලකාය ( SSTF) සඳහා එක්ව රටට සේවය කරන්න ආරාධනා කර සිටියේය.
බාලදක්ෂ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතම අංශය වන මානවක අංශයේ වයස අවු 17 කුත් මාස 6 කට වැඩි, අවු 26 දක්වා තරුණ තරුණියන් කටයුතු කරන අතර BP ප්‍රදානය හෙවත් එම අංශයේ උසස්ම ප්‍රදානය දිනගැනීම දක්වාවූ ගමන අප්‍රමිත කැපකිරීම් , පරිත්‍යාගයන් සහ තාරුණ්‍යයේ විශිෂ්ටත්වයේ ප්‍රතිඵලයකි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ගරු ලේකම් සුජීව ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා මහතා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් ( විශ්‍රාමික ) පද්මලාල් පෙරේරා මහතා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතා, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය අසංක ඒරියාව මහතා, මානවක අංශය භාර සහකාර ප්‍රධාන කොමසාරිස් දිලුම් දුමින්ද මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහාය ප්‍රධාන කොමසාරිස්වරුන් ඇතුළු ජාතික මුලස්ථානයයේ සියලු කොමසාරිස්වරුන්, දිසා කොමසාරිස්වරුන්,දිසා මානවක සහකාර දිසා කොමසාරිස්වරුන්, බාලදක්ෂ නායකයින්, මානවක බාලදක්ෂයින්, ප්‍රදානලාභීන්ගේ පවුලේ සාමාජිකයන් සහ සුබපතන්නන් එක්ව සිටියේය.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...