11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්

Sep 24, 2026News

එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු ජැම්බරි සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන කමිටු නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් සැප්තැම්බර් 10 දින පවත්වන ලදී.
​ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පවත්වන ලද මෙම හමුව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, එහි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අතර ඒකාබද්ධ වැඩපිළිවෙළ පිළිබඳව පුළුල් ලෙස හා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...