11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ මූලික සැලසුම් රැස්වීමක්‌

Sep 24, 2026News

එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ මූලික සැලසුම් රැස්වීමක්‌ 2026 සැප්තැම්බර් මස 11 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී.
​ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී (MLO) මේජර් ජෙනරාල් A.K.D. අධිකාරි මහතාගේ සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර යන මහත්වරුන්ගේ සම ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවතී අතර ජාතික මට්ටමේ මෙම අතිමහත් වැදගත්කමකින් යුත් 11 වන ජාතික ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින් කැඳවන ලද මෙම විශේෂ හමුව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් උසස් පෙළේ ජ්‍යෙෂ්ඨ යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජැම්බරි සංවිධායක මණ්ඩලයේ කොමසාරිස්වරුන් ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උසස් නිලධාරීන් ද ප්‍රමුඛ පිරිසක් සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...