ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ කළුතර දිසා ශාඛාවේ නව දිසා කොමසාරිස්වරයා ලෙස දිනූ සාරංග ලොකුගේ මහතා, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් 2026 සැප්තැම්බර් මස 19 වන දින නිල වශයෙන් පත්කරනු ලැබ ඇත.
මෙම තනතුරට පත්වීමට ප්රථම, ලොකුගේ මහතා කළුතර දිසා සංගමයේ සහකාර දිසා කොමසාරිස්වරයෙකු ලෙස සේවය කරන ලදී.
දිසා බාලදක්ෂ නායකත්වයේ අභියෝගාත්මක මෙන්ම ගෞරවනීය වගකීම භාරගත් ඔබ වෙත අපගේ හෘදයාංගම සුබපැතුම් පුද කරමු!
බාලදක්ෂ ව්යාපාරයේ උදාර අරමුණු හා මූලධර්මයන්ට සැබෑ අරුතක් එක් කරමින්, කළුතර දිසාව කේන්ද්ර කොට ගනිමින් සමස්ත ශ්රී ලංකා බාලදක්ෂ ව්යාපාරය වෙත ප්රශංනීය හා ආදර්ශවත් සේවයක් ඉටු කිරීමට ඔබට අවශ්ය ශක්තිය, ධෛර්යය සහ ප්රඥාව නිරතුරුවම ලැබේවායි අපි ප්රාර්ථනා කරමු!


