Mr. Paul Parkinson, Consultant of the Safe From Harm to the Word Organization of the Scout Movement and a former Chairman of the Asia Pacific Regional Scout Committee

Sep 19, 2026News

Mr. Paul Parkinson, Consultant of the Safe From Harm to the Word Organization of the Scout Movement and a former Chairman of the Asia Pacific Regional Scout Committee participated as a special guest at the opening ceremony of the 11th National Jamboree Office of the Sri Lanka Scouts on September 19. Mr. Parkinson is currently in Sri Lanka on official Scout duties.
A recipient of the prestigious Bronze Wolf Award the highest and only honor presented by the World Scout Committee for exceptional international, service Mr. Parkinson highly commended the Sri Lanka Scout Association’s extensive preparations for the upcoming Jamboree. During the event, he highlighted the vital importance of youth participation and warmly invited Scouts from across the region to take part.
 
ලෝක බාලදක්ෂ සංගමයේ ගෝලීය උපදේශකයෙකු ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ හිටපු සභාපතිවරයෙක් පෝල් පාකින්සන් OMI ( Paul Parkinson) මහතා, සැප්තැම්බර් 19 වන දින පැවැත්වුණු 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරි කාර්යාලය විවෘත කිරීමේ නිල උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය. පාකින්සන් මහතා මේ දිනවල නිල බාලදක්ෂ රාජකාරි කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට සිදුකළ සුවිශේෂී ජාත්‍යන්තර සේවය අගයමින් ලෝක බාලදක්ෂ කමිටුව විසින් පිරිනමනු ලබන ඉහළම සහ එකම ගෞරව සම්මානය වන කීර්තිමත් ” ලෝකඩ වෘකයා” (Bronze Wolf) සම්මානයෙන් පිදුම් ලබා ඇති පාකින්සන් මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ඉදිරි ජාතික ජම්බෝරිය වෙනුවෙන් සිදුකර ඇති පුළුල් සූදානම පිළිබඳව මෙහිදී සිය ඉහළ ප්‍රශංසාව පළ කළේය. මෙම උත්සවය අතරතුරදී, බාලදක්ෂයින්ගේ සහභාගිත්වයේ ඇති වැදගත්කම අවධාරණය කළ ඒ මහතා, මේ සඳහා සහභාගී වන ලෙස කලාපයේ සියලුම බාලදක්ෂයින්ට ඉතා ලෙන්ගතුව ආරාධනා කර සිටියේය.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...