ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ පරිපාලන යාන්ත්රණය වඩාත් විධිමත් හා ශක්තිමත් කිරීමේ අරමුණින්, එහි දෛනික කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිණිස නව මූලස්ථාන කොමසාරිස්වරුන් සිව් දෙනෙකු සහ සහකාර මුලස්ථාන කොමසාරිස්වරුන් සිව් දෙනෙකු ප්රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් පත් කර ඇත.
එම නව මූලස්ථාන සහ සහකාර මුලස්ථාන කොමසාරිස්වරුන් නම් :
ජාතික බාලදක්ෂ නායකත්වයේ උත්තුංග වගකීම භාරගත් ඔබ සැම වෙත අපගේ හෘදයාංගම සුබසිංසන පුද කරමු!
බාලදක්ෂ ව්යාපාරයේ උදාර අරමුණු හා මූලධර්මයන්ට සැබෑ අරුතක් එකතු කරමින්, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය හරහා සමස්ත ශ්රී ලංකා බාලදක්ෂ ව්යාපාරයට ආදර්ශවත් සේවයක් ඉටු කිරීමට ඔබ සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්රාර්ථනා කරමු!


