𝗕𝗼𝗻 𝗩𝗼𝘆𝗮𝗴𝗲 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆: 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝗴𝗲𝗻𝘁𝘀 𝗗𝗲𝗽𝗮𝗿𝘁 𝗳𝗼𝗿 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗘𝘃𝗲𝗻𝘁𝘀.

Aug 2, 2026News

The Sri Lanka Scout Association conducted a Bon Voyage Ceremony on 2 August 2026 at the National Headquarters Auditorium to officially bid farewell to the Scout contingents representing Sri Lanka at upcoming prestigious international Scout events.
The ceremony recognized the following delegations:
🔹𝗜𝗻𝗱𝗼𝗻𝗲𝘀𝗶𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 𝗫𝗜𝗜: 34 participants (31 youth participants and 3 leaders).
🔹 16𝘁𝗵 𝗞𝗼𝗿𝗲𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲: 32 participants (26 youth participants and 6 leaders).
🔹 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗬𝗼𝘂𝘁𝗵 𝗔𝘄𝗮𝗿𝗱 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 2026 (𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗦𝗰𝗼𝘂𝘁 𝗮𝗻𝗱 𝗚𝘂𝗶𝗱𝗲 𝗙𝗲𝗹𝗹𝗼𝘄𝘀𝗵𝗶𝗽): 2 participants.
The event was attended by distinguished guests, including Chief Commissioner Mr. Manoj Nanayakkara (AAL), Deputy Chief Commissioner Mr. Kapila Kalyana Perera (AAL), International Commissioner Dr. Asanka Eriyawa, and Assistant Chief Commissioner (Management & Finance) Mr. Sampath Kariyawasam, alongside Headquarters Commissioners and Assistant Headquarters Commissioners.
Addressing the gatherings, the Chief Commissioner and other commissioners congratulated the Scouts and Leaders on their selection. They encouraged them to serve as proud ambassadors of Sri Lanka and the Sri Lanka Scout Association, emphasizing the importance of promoting friendship, cultural understanding, leadership, and core Scouting values while abroad.
The Sri Lanka Scout Association extends its best wishes to all participants and leaders for a safe journey and a successful international experience. The Association remains confident that they will return with valuable knowledge, lasting friendships, and unforgettable memories that will further strengthen Scouting in Sri Lanka.
 
ඉදිරි දිනවල එතෙර චාරිකාවලදී ශ්රී ලංකාව නියෝජනය කරන බාලදක්ෂ කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වූ සුභ පැතීමේ ( 𝗕𝗼𝗻 𝗩𝗼𝘆𝗮𝗴𝗲 ) සහ ජාතික ධජය භාරදීමේ උත්සවය..
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් 2026 අගෝස්තු 2 වන දින ජාතික මූලස්ථාන ශ්රවණාගාරයේදී, ඉදිරි කාලයේ දී ජාත්යන්තර බාලදක්ෂ වැඩසටහන් සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන බාලදක්ෂ කණ්ඩායම් වලට නිල වශයෙන් වගකීම් බාරදීමේ හා සුභපැතීමේ සම්ප්රදායික උත්සවය සංවිධානය කරන ලද අතර ඒ සඳහා
🔹XII ඉන්දුනීසියනු ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයන් 31 සහ නායකයින් 3 ලෙස සමස්ත කණ්ඩායම 34 දෙනෙකු,
🔹16 වැනි කොරියානු ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයන් 26 දෙනෙක් සහ නායකයන් 6 ක්‌ ලෙස සමස්ත කණ්ඩායම 32 දෙනෙක් සහභාගී විය.
🔹එසේම ඉන්දීය බාලදක්ෂ හා බාලදක්ෂිකා සහෝදරත්වයේ 2026 ජාත්යන්තර යෞවන සම්මාන ප්රදානෝත්සවය සඳහා සහභාගිවන සම්මානලාභීන් දෙදෙනෙකු ද විය.
මෙම උත්සවයේ කටයුතු ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණු අතර එම කණ්ඩායම් වලට ජාතික ධජය නිල වශයෙන් භාරදීම ද එතුමා අතින් සිදුවිය.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්යන්තර අංශය විසින් මෙම උත්සවය සංවිධානය කල අතර ඒ සඳහා නියෝජ්ය ප්රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්යාණ පෙරේරා මහතා, ජාත්යන්තර කොමසාරිස් වෛද්ය අසංක එරියාව මහතා, සහකාර ප්රධාන කොමසාරිස් (කළමනාකරණ හා මූල්ය) සම්පත් කාරියවසම් මහතා, ජාතික මූලස්ථාන කොමසාරිස්වරුන් සහ සහකාර මූලස්ථාන කොමසාරිස්වරුන් අරාධිතයින් ලෙස සහභාගි වූහ.
එහිදී ප්රධාන කොමසාරිස්තුමා ඇතුළු සැම ශ්රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් වල සැමට සුබපතමින් අවධාරණය කලේ ඔහුන් ශ්රී ලංකාව සහ ශ්රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරන ගෞරවනීය සහ අභිමානවත් තානාපතිවරුන් බවය. එසේම ජාත්යන්තර මට්ටමින් රට නියෝජනය කරන අතරතුර මිත්රත්වය, සංස්කෘතික අවබෝධය, නායකත්වය සහ බාලදක්ෂ ව්යාපාරයේ උතුම් වටිනාකම් ප්රවර්ධනය කිරීමේ වැදගත්කමද ඔවුහු අවධාරණය කළහ.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සහභාගිවන සැමට ආරක්ෂිත ගමනක්, සාර්ථක ජාත්යන්තර අත්දැකීමක් සහ සිය අරමුණු සාර්ථක කර ගැනීම සඳහා හෘදයාංගම සුබ ප්රර්ථනා කරන අතර ඔවුන් වටිනා තම දැනුම, දිගුකාලීන මිත්රත්වයන් සහ අමතක නොවන මතකයන් සමඟ නැවත ශ්රී ලංකාවට පැමිණ, මෙරට බාලදක්ෂ ව්යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි විශ්වාසය කරන බව ද ප්රකාශ කරන ලදී.
எதிர் வரும் காலங்களில் வெளிநாட்டுப் பயணங்களில் இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தும் சாரணர் குழுக்களிடம் நடபெரும் வாழ்த்துக்கள் (Bon Voyage) தேசியக் கொடியை ஒப்படைக்கும் விழா….
இலங்கை சாரணர் சங்கத்தின் மூலம் 2026 ஆகஸ்ட் 2ம் திகதி அன்று பொறுப்பை ஒப்படைக்கும் விழா தேசியத் தலைமையக மண்டபத்தில் நடைபெற்றது.
🔹xii வது இந்தோனேசியாவின் தேசிய சாரணர் ஜம்போ ரியில் மொத்தம் 31 சாரணர்களும் 3 தலைவர்களும் என 34 சாரணர்கள்
🔹16வது கொரிய தேசிய சாரணர் ஜம்போரியில் மொத்தம் 32 பேர் சாரணர்கள் 27,சாரணர் தலைவர்கள் 06 பங்கேற்றனர்.
🔹அதேபோல் இந்திய சாரணர் மற்றும் பெண் சாரணர் சகோதரத்துவத்தின் 2026 சர்வதேச இளைஞர் விருது வழங்கும் விழாவில் பங்கேற்கவுள்ள இரண்டு விருது பெறுபவர்களும் இருக்கின்றனர்.
பிரதான சாரணர் ஆணையாளர், வழக்கறிஞர் மனோஜ் நாணயக்கார அவர்கள் இவ்விழாவிற்குத் தலைமை தாங்கினார், மேலும் அவர் குழுக்களிடம் அதிகாரப்பூர்வமாக தேசியக் கொடியை ஒப்படைத்தார்.
இந்த நிகழ்வானது இலங்கை சாரணர் சங்கத்தின் சர்வதேசப் பிரிவால் ஏற்பாடு செய்யப்பட்டது. இதில் பிரதி பிரதம ஆணையாளர், சட்டத்தரணி கபில கல்யாண பெரேரா, சர்வதேச ஆணையாளர் டாக்டர் அசங்க எரியாவ, உதவி பிரதம ஆணையாளர் (முகாமைத்துவம் மற்றும் நிதி) சம்பத் காரியவசம், தேசிய தலைமையக ஆணையாளர்கள் மற்றும் உதவி தலைமையக ஆணையாளர்கள் ஆகியோர் அழைக்கப்பட்ட விருந்தினர்களாகக் கலந்துகொண்டனர்.
இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தும் அனைத்து அணிகளையும் வாழ்த்தியதோடு, அவர்கள் இலங்கைக்கும் இலங்கை சாரணர் சங்கத்திற்கும் மரியாதைக்குரிய மற்றும் பெருமைமிக்க பிரதிநிதிகள் என்பதை வலியுறுத்தியாதோடு,மேலும் சர்வதேச அளவில் நாட்டைப் பிரதிநிதித்துவப்படுத்தும் போது நட்புறவு, பண்பாட்டுப் புரிதல், தலைமைத்துவம் மற்றும் சாரணர் இயக்கத்தின் உன்னத விழுமியங்களை மேம்படுத்துவதன் முக்கியத்துவத்தையும் அவர் வலியுறுத்தினார்.
பிரதம ஆணையாளரின் வாழ்த்திய போது,இலங்கை சாரணர் சங்கம், பங்கேற்பாளர்கள் அனைவருக்கும் பாதுகாப்பான பயணத்தையும், வெற்றிகரமான சர்வதேச அனுபவத்தையும், தங்கள் இலக்குகளை அடைய நல்வாழ்த்துக்களையும் தெரிவித்ததோடு, அவர்கள் மதிப்புமிக்க அறிவு, நீடித்த நட்புறவு மற்றும் மறக்க முடியாத நினைவுகளுடன் இலங்கைக்குத் திரும்புவார்கள் என்றும், நாட்டில் சாரணர் இயக்கத்தை மேலும் வலுப்படுத்துவதற்குப் பங்களிப்பார்கள் என்றும் நம்பிக்கை வெளிப்படுத்தியது.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...