Association was held on June 3, 2026, at 3:00 PM at the Badulla District Secretariat Auditorium.
The meeting was chaired by the Honorable President of the Badulla District Scout Association and Badulla District Secretary, Mr. Sunil Galagama, alongside the participation of the Badulla District Scout Commissioner, Mr. W.B.R.J. Mahindaratne.
Representing the Sri Lanka Scout Association, Assistant Chief Commissioner Mr. Kapila Priyantha, Uva Provincial Scout Commissioner Mr. Sampath Weerasuriya, and Headquarters Commissioner Ms. Priyanthi Indrawansa also attended the event.
During the Annual General Meeting, a new board of officials was elected for the upcoming year, and an awards ceremony was also held to recognize the Cub Scouts and Scouts.
බදුල්ල දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභාරැස්වීම
2026-06-03 දින පස්වරු 3.00 ට බදුල්ල දිසා බාලදක්ෂ සංගමයේ ගරු සභාපති බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් හා බදුල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් ඩබ්.බී.ආර්.ජේ.මහින්දරත්න මහතාගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් සහය ප්‍රධාන කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතා,ඌව පළාත් බාලදක්ෂ කොමසාරිස් සම්පත් වීරසූරිය මහතා සහ මූලස්ථාන කොමසාරිස් ප්‍රියන්ති ඉන්ද්‍රවංශ මහත්මිය සහභාගීවූහ. මෙම මහාසභා රැස්වීමේදී ඉදිරි වර්ෂය සදහා නව නිළධාරී මණ්ඩලය තෝරාගත් අතර, පෝතක හා බාලදක්ෂ දරුවන් ඇගයීමක් ද සිදුකරන ලදි.