93 වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව ආරම්භ වේ.

Apr 21, 2026News

ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය මගින් මෙහෙයවන 93 වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව අද දින උදෑසන මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්යස්ථානයේදී ආරම්භ විය.
2026 අප්රේල් 21 දින සිට 26 දින දක්වා ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් ලසන්ත නානායක්කාර මහතාගේ මග පෙන්වීම යටතේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතාගේ උපදේශකත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්වේ මෙහි සම්බන්ධීකරණ කටයුතු පෝතක බාල දක්ෂ කටයුතු භාර සහාය ප්රධාන කොමසාරිස් චන්ද්රාණි ප්රනාන්දු මෙනවිය මෙහෙයවනු ලබයි. මෙම පාඨමාලාවේ අධ්යක්ෂක ලෙස කේ භාරතී මහත්මිය කටයුතු කරන අතර නියෝජ්ය පාඨමාලා අධ්යක්ෂකවරුන් ලෙස නාමල් ගුරුසිංහ මහතා සහ G.w ආරියමාලා මහත්මිය කටයුතු කරනු ලබයි. පුහුණු කිරීමේ අධ්යක්ෂකවරුන්වන ඉන්ද්රජිත් රාමනායක සහ තිලක්මන් පද්මසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයක් පාඨමාලාවේ කටයුතු කරනු ලැබේ .
බාලදක්ෂ දිස්ත්රික්ක 13 නියෝජනය කරමින් පාඨමාලාභී ගුරුභවතුන් හතළිස් තුන් දෙනකු පාඨමාලාව සඳහා සහභාගී වේ. පෝතක බාල දක්ෂ දරුවන් පුහුණු කිරීමට අදාළ ප්රායෝගික හා න්යායාත්මක දැනුම මෙම පාඨමාලාව ඇතුළත ලබා දෙන අතර මෙය සාර්ථකව හදාරන ගුරු භවතුන් සඳහා හතරවන අදියර සමත් බවට සහතික පත්රයක් හිමි වේ. ඉන්පසු වසර තුනක් තුළ ප්රායෝගික ක්රියාකාරකම් සම්පූර්ණ කිරීමෙන් ඔහුට බාලදක්ෂ උපාධිය හෙවත් ලී පදක්කම ලබා ගත හැක.

Related

Latest News

11th National Scout Jamboree Scheduled for January 2027

11th National Scout Jamboree Scheduled for January 2027

A discussion on the organisational arrangements and progress of the 11th National Scout Jamboree, organised by the Sri Lanka Scout Association, was held yesterday afternoon (30) at the Presidential Secretariat. The 11th National Scout Jamboree, organised to mark the...