13 වන ජාතික සහාය පුහුණු කිරීමේ නායක පාඨමාලාව සඳහා සම්මුඛ පරීක්ෂණය බාලදක්ෂ මූලස්ථානයේදි ……..

Aug 13, 2026News

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කාර්යාලයේ සහයෝගීත්වය ද සමඟ සංවිධානය කරනු ලබන 13 වන ජාතික සහාය පුහුණු කිරීමේ නායක පාඨමාලාව (Assistant Leader Training Course – ALT) සඳහා වූ සම්මුඛ පරීක්ෂණය අගෝස්තු 13 දින ජාතික මූලස්ථාන පරිශ්රයේදී සාර්ථකව පැවැත්විණි.
දිවයින සියලුම බාලදක්ෂ දිසා නියෝජනය කරමින්, සුදුසුකම් සපුරා ඇති නායක නායිකාවන් 102 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූහ.
ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සහ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් (විශ්රාමික) පද්මලාල් පෙරේරා මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සිදු වූ අතර, එය ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් මෙහෙයවන ලදී.
මෙවර ALT පාඨමාලා සම්මුඛ පරීක්ෂණය, නායකත්වය, ඉගැන්වීමේ හැකියාව, බාලදක්ෂ පුහුණුකරණය සහ අදාළ අනෙකුත් නිපුණතා පිළිබඳ පුළුල් ඇගයීමක් සිදු කෙරෙන විධිමත් හා උසස් මට්ටමේ සම්මුඛ පරීක්ෂණ ක්රමවේදයක් යටතේ පැවැත්විණි.
පිළිගත හැකි හේතු මත සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නොහැකි වු නායක නායිකාවන් සඳහා අගෝස්තු 27 වන නැවත සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ.
එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත, ඉහත පාඨමාලාවේ පාඨමාලා අධ්යක්ෂවරයා ලෙස ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් (විශ්රාමික) පද්මලාල් පෙරේරා මහතා කටයුතු කිරීමට නියමිත අතර නියෝජ්ය පාඨමාලා නායකයන් ලෙස ජාත්යන්තර කොමසාරිස් වෛද්ය අසංක ඒරියාව මහතා සහ ජාතික පුහුණු කිරීමේ අධ්යක්ෂ හා මූලස්ථාන කොමසාරිස් ඉන්ද්රජිත් රාමනායක මහතා කටයුතු කිරීමට නියමිතය.
තවද, ආසියා පැසිෆික් කලාපීය සහයෝගීතා මධ්යස්ථානය නියෝජනය කරමින් එහි විශේෂඥ පුහුණුකරණ මණ්ඩලයේ සාමාජිකයන් (APR Specialist Panel Members) කිහිපදෙනෙකු ද මෙම පාඨමාලාවේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස එක්ව, පුහුණුකරණ කටයුතු සඳහා සිය විශේෂඥ දැනුම හා අත්දැකීම් ලබා දීමට නියමිතය.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...