ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි.
වත්මන් ප්රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු හරහා, සංගමයේ ජාතික පුහුණු කිරීමේ සහ වැඩසටහන් දෙපාර්තමේන්තුවල කටයුතු ජාතික බාලදක්ෂ මූලස්ථානය සමඟ මනා සම්බන්ධතාවයකින් යුතුව උසස් මට්ටමකින් පවත්වාගෙන යාම මූලික අපේක්ෂාව වේ.
ජාතික බාලදක්ෂ පුහුණු හා වැඩසටහන් වල සංවර්ධනය සහ ඒ සම්බන්ධ සැලසුම් සහ තීන්දු තීරණ බිම් මට්ටමේ ක්රියාත්මක කිරීමේදී එම යාන්ත්රණය ප්රධාන වශයෙන් පළාත් මූලික කරගනිමින් ක්රියාත්මක වන බැවින්, ඒ සඳහා ශක්තිමත් යාන්ත්රණයක් පැවතීමේ වැදගත්කම හඳුනාගනිමින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව, එම කටයුතුවල ඵලදායිතාව ඉහළ නැංවීමට විශේෂ අවධානයක් යොමු කරමින්, මෙම පළාත් සංවර්ධන කමිටු ස්ථාපිත කර නිලධාරීන් පත් කරන ලද අතර, ඔවුන් සඳහා අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම ද
ප්රධාන කොමසාරිස්තුමා අතින් සිදු විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්ය ප්රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්යාණ පෙරේරා, විධායක කමිටුවේ සභාපති ඉංජිනේරු කමල්නාත් ජිනදාස, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, සහකාර ප්රධාන කොමසාරිස්වරුන් වන සම්පත් කාරියවසම්, කපිල ප්රියන්ත, දේශාන් මිලින්ද, පෝතක සහ බාලදක්ෂ බාලිකා අංශ භාර සහකාර ප්රධාන කොමසාරිස් චන්ද්රානි ප්රනාන්දු මෙනවිය, ප්රධාන කොමසාරිස් සම්බන්ධීකරණ විශේෂ කොමසාරිස් එම්.ඊ.එස්. ජයසිංහ, ජාතික පුහුණු මණ්ඩලයේ අධ්යක්ෂවරුන් සහ මූලස්ථාන කොමසාරිස්වරුන් වන තිලක්මන් පද්මසිරි හා එන්.අයි. රාමනායක, පළාත් කොමසාරිස්වරුන් වන කපිතාන් රුවන් බාලචන්ද්ර, උපුල් කලන්සුරිය, පී. සශිකුමාර්, යු.කේ. බණ්ඩාර, කේ.ටී.ඩී. වාසලගේ යන මහත්වරුන් ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් අදාළ කමිටුවල සහකාර අධ්යක්ෂ ධූරවලට පත්වූ මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.


