එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ මූලික සැලසුම් රැස්වීමක් 2026 සැප්තැම්බර් මස 11 වැනි දින ආරක්ෂක අමාත්යාංශ පරිශ්රයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී.
ආරක්ෂක අමාත්යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී (MLO) මේජර් ජෙනරාල් A.K.D. අධිකාරි මහතාගේ සහ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර යන මහත්වරුන්ගේ සම ප්රධානත්වයෙන් මෙම රැස්වීම පැවතී අතර ජාතික මට්ටමේ මෙම අතිමහත් වැදගත්කමකින් යුත් 11 වන ජාතික ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින් කැඳවන ලද මෙම විශේෂ හමුව සඳහා ත්රිවිධ හමුදාව නියෝජනය කරමින් උසස් පෙළේ ජ්යෙෂ්ඨ යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජැම්බරි සංවිධායක මණ්ඩලයේ කොමසාරිස්වරුන් ද, ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ උසස් නිලධාරීන් ද ප්රමුඛ පිරිසක් සක්රීය දායකත්වයක් ලබා දෙමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.


