එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්, හෝමාගම ප්රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් රත්නායක මහතා ප්රමුඛ ප්රාදේශීය සභාවේ උසස් නිලධාරීන් සහ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු ජැම්බරි සංවිධායක මණ්ඩලයේ ප්රධාන කමිටු නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් 2026 සැප්තැම්බර් 10 පවත්වන ලදී.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන ශ්රවණාගාර පරිශ්රයේ දී සංවිධානය කරන ලද මෙම හමුව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමින් ප්රධාන පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, එහිදී ජම්බෝරිය සාර්ථක කරගැනීමට අවශ්ය මූලික සැලසුම්, අන්යෝන්ය සහයෝගීතාව සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව පුළුල් ලෙස හා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.


