✨SCOUT LENS 2026 – මාධ්‍ය වැඩමුළුව- ✨

Sep 17, 2026News

“නව මාධ්‍ය කුසලතා සමඟින් නව ලොවට පියනඟමු”
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය රටේ සෑම දරු දැරියන් අතර ප්‍රචලිත කරමින් යහපත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ජාතික සංකල්පයට සමගාමීව ගාලු දිසා කොමසාරිස් චින්තක කෞෂල්‍යය මහතාගේ ගාලු බාලදක්ෂ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සහාය දිසා කොමසාරිස් (මාධ්‍ය) ලසන්ත පුෂ්ප කුමාර මහතා ප්‍රමුඛ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුව පසුගියදා ගාල්ල හෝල් ඩී ගෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි…
දිසා නිළධාරි මඩුල්ලේ සහයෝගය මත සංවිධානය වූ මෙම වැඩමුළුව සදහා දිසාවේ කණිෂ්ඨ ජේෂ්ඨ හා මානවක බාලදක්ෂ බාලක බාලිකාවන් තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගි විය.
විශේෂයෙන් ම මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා හා දේශකයා ලෙස හිරු TV මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී , ප්‍රවෘත්ති නිවේදක මංගල මධුශාන් ද සිල්වා මහතා ද,
“කදවුරුකරණයේදී මාධ්‍ය භාවිතය හා ඉදිරිපත් කිරීම”සම්බන්ධයෙන් දේශකයා ලෙස කළුතර දිස්ත්‍රික් ස.දි.කො (පුහුණු) ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජික, මාධ්‍යවේදී රංගන ශිල්පී කලාවිභූෂණ කසුන් විජයසේකර මහතාද,
” බාලදක්ෂ වැඩසටහන් මුද්‍රිත මාධ්‍යකරණය ” සම්බන්ධයෙන් දේශකයා ලෙස හිටපු ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජික, මාධ්‍යවේදී ආනන්ද ධර්මප්‍රිය ජයසේකර මහතාද,
” ඡායාරූපකරණය හා වීඩියෝකරණය ” සම්බන්ධයෙන් දේශකයා ලෙස ඩ්‍රීම්බොක්ස් ස්ටුඩියෝ අධිපති දකුණු පළාතේ ප්‍රවීණ චායාරූප ශිල්පී ගයාන් සංජීව මහතාද,
” සමාජ මාධ්‍ය භාවිතය ” සම්බන්ධයෙන් දේශකයා ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරී චාලට් මල්ලි ජනප්‍රිය යූටියුබ් නාලිකාවේ හිමිකරු අශාන් ශානක මහතාද
විශේෂ ආරාධිත අමුත්තන් ලෙස වැඩමුළුව සාර්ථක කරගැනීමට දායක විය.
හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි මහතා , මූලස්ථාන කොමසාරිස් දමිත් චාමින්ද මහතා මෙන්ම හිටපු ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අම්බිගා ගුණසේකර මෙනවිය, ගාලු දිසා බාලදක්ෂ සංගමයේ සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන්, දිසා නිළධාරින් හා බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට සහභාගි විය.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...