“නව මාධ්ය කුසලතා සමඟින් නව ලොවට පියනඟමු”
ශ්රී ලංකා බාලදක්ෂ ව්යාපාරය රටේ සෑම දරු දැරියන් අතර ප්රචලිත කරමින් යහපත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ජාතික සංකල්පයට සමගාමීව ගාලු දිසා කොමසාරිස් චින්තක කෞෂල්යය මහතාගේ ගාලු බාලදක්ෂ සංවර්ධන ව්යාපෘතිය යටතේ සහාය දිසා කොමසාරිස් (මාධ්ය) ලසන්ත පුෂ්ප කුමාර මහතා ප්රමුඛ දිස්ත්රික් මාධ්ය ඒකකය සංවිධානය කළ මාධ්ය වැඩමුළුව පසුගියදා ගාල්ල හෝල් ඩී ගෝල් ශ්රවණාගාරයේදී පැවැත්විණි…
දිසා නිළධාරි මඩුල්ලේ සහයෝගය මත සංවිධානය වූ මෙම වැඩමුළුව සදහා දිසාවේ කණිෂ්ඨ ජේෂ්ඨ හා මානවක බාලදක්ෂ බාලක බාලිකාවන් තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගි විය.
විශේෂයෙන් ම මෙම වැඩමුළුවේ ප්රධාන ආරාධිත අමුත්තා හා දේශකයා ලෙස හිරු TV මාධ්ය ජාලයේ මාධ්යවේදී , ප්රවෘත්ති නිවේදක මංගල මධුශාන් ද සිල්වා මහතා ද,
“කදවුරුකරණයේදී මාධ්ය භාවිතය හා ඉදිරිපත් කිරීම”සම්බන්ධයෙන් දේශකයා ලෙස කළුතර දිස්ත්රික් ස.දි.කො (පුහුණු) ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජික, මාධ්යවේදී රංගන ශිල්පී කලාවිභූෂණ කසුන් විජයසේකර මහතාද,
” බාලදක්ෂ වැඩසටහන් මුද්රිත මාධ්යකරණය ” සම්බන්ධයෙන් දේශකයා ලෙස හිටපු ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජික, මාධ්යවේදී ආනන්ද ධර්මප්රිය ජයසේකර මහතාද,
” ඡායාරූපකරණය හා වීඩියෝකරණය ” සම්බන්ධයෙන් දේශකයා ලෙස ඩ්රීම්බොක්ස් ස්ටුඩියෝ අධිපති දකුණු පළාතේ ප්රවීණ චායාරූප ශිල්පී ගයාන් සංජීව මහතාද,
” සමාජ මාධ්ය භාවිතය ” සම්බන්ධයෙන් දේශකයා ලෙස සමාජ මාධ්ය ක්රියාකාරී චාලට් මල්ලි ජනප්රිය යූටියුබ් නාලිකාවේ හිමිකරු අශාන් ශානක මහතාද
විශේෂ ආරාධිත අමුත්තන් ලෙස වැඩමුළුව සාර්ථක කරගැනීමට දායක විය.
හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි මහතා , මූලස්ථාන කොමසාරිස් දමිත් චාමින්ද මහතා මෙන්ම හිටපු ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ නියෝජ්ය අධ්යක්ෂ අම්බිගා ගුණසේකර මෙනවිය, ගාලු දිසා බාලදක්ෂ සංගමයේ සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන්, දිසා නිළධාරින් හා බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට සහභාගි විය.


