ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව

Sep 27, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මාධ්‍යස්ථානයේදී සැප්තැම්බර් 18 වැනි දින සිට 20 වැනි දින දක්වා සාර්ථකව පවත්වන ලදී.
දිවයින පුරා පිහිටි විවිධ බාලදක්ෂ දිසා නියෝජනය කරමින් බාලදක්ෂ නායකයන් 45 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර සහ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් (විශ්‍රාමික) පෙරේරා යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ, ජාතික පුහුණු කිරීමේ අධ්‍යක්ෂ, මූලස්ථාන කොමසාරිස් තිලක්මන් පද්මසිරි මහතා පාඨමාලා නායක ලෙස කටයුතු කළ අතර, මූලස්ථාන කොමසාරිස් සංජය පෙරේරා මහතා නියෝජ්‍ය පාඨමාලා නායකයා ලෙස කටයුතු කළේය.
දිවයිනේ බාලදක්ෂ නායකයන්ට පාගමන් පිළිබඳ විධිමත් හා තාක්ෂණික පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ දැනුම හා කුසලතා යාවත්කාලීන කරගැනීමට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම සහ එම දැනුමෙන් සවිබල ගැන්වුණු නායකයන් හරහා එම අත්දැකීම් ඉතා උසස් අයුරින් බාලදක්ෂ දරුවන් වෙත දායාද කිරීම මෙවැනි පාඨමාලා සංවිධානය කිරීමේ මූලික අපේක්ෂාව වේ.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...