ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ “හානියෙන් සුරක්ෂාව ” (Safe From Harm) තක්සේරු කිරීමේ වැඩසටහනක් මෙරටදී ක්‍රියාත්මක කරන ලදී.

Sep 24, 2026News

ලෝක බාලදක්ෂ සංගමය විසින් සැප්තැම්බර් 19 සහ 20 යන දෙදින තුළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ “හානියෙන් සුරක්ෂාව ” (Safe From Harm) තක්සේරු කිරීමේ වැඩසටහනක් මෙරටදී ක්‍රියාත්මක කරන ලදී.
මෙරට නිල සංචාරයක නිරත වූ, ලෝක බාලදක්ෂ සංගමයේ Safe From Harm පිළිබඳ උපදේශක සහ ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ හිටපු සභාපතිවරයකු වන පෝල් පාකින්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු විය. ඒ සඳහා ලෝක බාලදක්ෂ කාර්යාලය නියෝජනය කරමින් සුරක්ෂිතභාවය සහ ළමා ආරක්ෂණය පිළිබඳ නිලධාරිනියක වන නූර් ඉලි බට්‍රිසියා යාහියා මහත්මිය එක්ව සිටියා.
ලෝක බාලදක්ෂ කාර්යාලයේ ආසියා පැසිෆික් කලාපීය මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම ‘Safe From Harm’ තක්සේරු වැඩසටහන තුළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ‘Safe from Harm’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු විය. එහි බාලදක්ෂයින් සඳහා හානිවලින් තොර ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කටයුතු කර ඇති ආකාරය ජාත්‍යන්තර නියෝජිතයන්ගේ ඉහළ ප්‍රශංසාවට සහ ඇගයීමට ලක් විය.
මෙම තක්සේරු වැඩසටහන (Assessment) සඳහා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක කමිටුවේ සභාපති ඉංජිනේරු කමල්නාත් ජිනදාස මහතා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා මහතා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් (විශ්‍රාමික) පද්මලාල් පෙරේරා මහතා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතා, ජාත්‍යන්තර කොමසාරිස් සහ Safe From Harm – SLSA කඳවුම්කරු වෛද්‍ය අසංක ඒරියාව මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ‘Safe From Harm’ ජාතික කමිටුවේ සභාපති සහ හිටපු ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය රජීව පීරිස් මහතා ඇතුළු සහකාර ප්‍රධාන කොමසාරිස්වරුන්, විශේෂ කොමසාරිස්වරුන් සහ ජාතික Safe From Harm කමිටුවේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...