වැලිකඩ බන්ධනාගාරය තුල නවක මානවක බාලදක්ෂ සමාජිකයින් සදහා නිළ ලාංඡන පළදවයි

Jun 19, 2026News

රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාර ආයතනයෙහි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.19 වන දින පවත්වන ලදි.
ම අවස්ථාවන් සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි බී දිසානායක මහතා,බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්ථාපන) සේනක පල්ලෙතැන්න මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකොන් මහතා හා ලී පදක්කම් ලාභී නායකයින් මෙන්ම බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...