ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ පත්වීම

Jan 14, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී අද (14) නිල වශයයන් රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
1957 අංක 13 දරණ පනතේ විධි විධාන ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ සහ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්ත කිරිම සිදු කර ඇත. ඊට ආදාල පත්කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්ත කුමානායක මහතා විසින් ඊයේ (13) දින ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
ඒ මහතා වැඩ භාර ගැනී⁣මේ අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා ඇතුලු බාලදක්ෂ ව්‍යපාරයට සම්බන්ධ නිලධාරීන් රැසක් එක් විය.
ප්‍රධාන ⁣කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කනිෂ්ඨ බාලදක්ෂයයකු ⁣ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයිය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට එක්වී පසුව සහය දිසා ⁣කොමසාරිස්වරයයකු, බාලදක්ෂ
දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපති වරයයකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.
හෝමාගම බාලදක්ෂ දිසාවේ මහජන සම්බන්ධ්‍තා, පුහුණු කිරීයම්, පරිපාලන සහාය දිසා කොමසාරිස් ⁣ලෙසද කීර්තිමත් ⁣⁣සේවාවක් ඉටු කරන ලදී. වෘත්තියෙන් නීතිඥ වරයකු වු ඒ මහතා දුන් විවිධ්‍ අභියයෝග හමුයේ නීතිඥ වරයකු ⁣ලෙස සිය යුතුකම මැනවින් ඉටුකල තරුණ නායකයකු ⁣ලෙස ද ප්‍රකටය. ලෝකයේ ළමුන් වෙනුයවන් බිහි වු විශාලතම ස්යේච්ඡා සංවිධානය වන බාලදක්ෂ වයාපාරය මේ වන විට ලෝකයේ රටවේ 176 පුරා මිලියන 57 ක්
දක්වා ව්‍යාතවී ඇත. ශ්‍රී ලංකා බාලදක්ෂ වයාපාරය හට අද පටන් නායකත්වය ලබා දීමට සැර⁣සෙන නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා හට අපගේ සුභ පැතුම් එකතු කරමු.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...