ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක, නායිකාවන් 35 දෙනෙක්ද, ආචාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම/මහත්මීන් 15 දෙනකුගෙන් සමන්විත මෙම පාඨමාලාවේ පාඨමාලා නායක ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් පුහුණු කිරීමේ නායක විශ්‍රාමික කර්නල් පද්මලාල් පෙරේරා මහතාද, පාඨමාලාවේ නියෝජ්‍ය පාඨමාලා නායකයින් ලෙස ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පුහුණු කිරීමේ අධ්යක්ෂවරුන් දෙපළ වන පුහුණු කිරීමේ නායක ඉන්ද්‍රජිත් රාමනායක මහතා ද, පුහුණු කිරීමේ නායක තිලක්මන් පද්මසිරි මහතාද කටයුතු කරයි.
මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ
ජනාධිපති බාලදක්ෂයින්ගේ හා බාලදක්ෂයින්ගේ දැනුම් මට්ටම උසස් කිරීම හා ඒ තුළින් බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කිරීමයි.


