කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

Jul 1, 2026News

කෑගල්ල දිස්ත්රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සැමරුම් කඳවුර (04 වන කැබෝරිය) 2026 ජූනි 26 සිට 29 දක්වා මාවනැල්ල පොදු ක්රීඩාංගණය සහ කෑ/මාව/ මයුරපාද ජාතික පාසල කේන්ද්ර කරගනිමින් අති සාර්ථක ලෙස පැවැත්විණි.
කඳවුරේ සමාප්ති උත්සවය ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ජ්යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්ය ප්රධාන කොමසාරිස් ජ්යෙෂ්ඨ නීතිඥ කපිල කල්යාණ මහතා, හිටපු ජාතික පුහුණුකිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දාරච්චි මහතා, විශේෂ කොමසාරිස් එම්.ඊ.එස්. ජයසිංහ මහතා, හිටපු සහය ප්රධාන කොමසාරිස් ඩේමියන් සිල්වා මහතා ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූ හ.
පාසල් 37ක් නියෝජනය කරමින් බාලදක්ෂයින් 1,000කට ආසන්න පිරිසක් මෙම කඳවුරට එක්වූ හ. ජූනි 27 දින පැවති සමාරම්භක උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මාවනැල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ ඉන්ද්රජි ජයකොඩි මහතා සහභාගී වූ අතර මාවනැල්ල ප්රාදේශීය සභාවේ උපසභාපති සමන් වේරගොඩ මහතාද එම අවස්ථාවට එක්විය.
කඳවුර පුරා බාලදක්ෂයින් සඳහා අභියෝගාත්මක හා තාක්ෂණික ක්රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ අතර, ජූනි 27 දින රාත්රියේ මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් කඳවුරු ගිනිමැලය පැවැත්විණි.
ජූනි 28 දින සිඟිති, පෝතක හා බාලදක්ෂිකා දිනය ලෙස සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා 2,000කට ආසන්න පිරිසක් සහභාගී වූහ. අස්ගිරිය නිල පොලිස් සුනඛ අංශය විසින් විශේෂ සංදර්ශනයක්ද පැවැත්වූ අතර විවිධ අධ්යාපනික හා විනෝදාත්මක ක්රියාකාරකම්ද ක්රියාත්මක කෙරිණි. එදින රාත්රියේ පැවති සංස්කෘතික ප්රසංගයට මාවනැල්ල ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර හේරත් මහතා සහභාගී වූ අතර ඉන්දීය බාලදක්ෂ නායිකාවන් වන චංචලා මිස්ට්රි සහ මන්සි ශෙටී ද කඳවුරට එක්වූ හ.
පෝතක හා බාලදක්ෂිකා දින සමාරම්භක උත්සවයට ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ පෝතක හා බාලිකා බාලදක්ෂ අංශ භාර සහය ප්රධාන කොමසාරිස් චන්ද්රානි ප්රනාන්දු මැතිණිය සහ ශ්රී ලංකා බාලදක්ෂිකා සංගමයේ විධායක කමිටු සාමාජික නදීශානි ජයරත්න මෙනවියද සහභාගී වූහ.
කඳවුරේ සමස්ත ශූරතාව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය දිනාගත් අතර, දෙවන ස්ථානය කෑගලු විද්යාලයටත්, තෙවන ස්ථානය පින්නවල ජාතික පාසලටත් හිමිවිය. “නැගී එන කණ්ඩායම” සඳහා වූ කුසලානය ගනේතැන්න මහා විද්යාලය දිනාගත් අතර, කුඩා කඳවුරු මෙවලම් තරගාවලියේ ජයග්රහණය බැමිණිවත්ත මහා විද්යාලය හිමිකර ගත්තේ ය.
කඳවුරු කාලසීමාව තුළ අධ්යාපනික ප්රදර්ශනයක් සහ ගෝලීය ගම්මාන (Global Village) වැඩසටහනක්ද සාර්ථකව පැවැත්විණි.
දිසා බාලදක්ෂ කොමසාරිස් ප්රසාද් වල්පොල මහතාගේ මඟපෙන්වීම යටතේ කඳවුර සංවිධානය කෙරුණු අතර, කඳවුරු සංවිධායක ලෙස සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) සාමකුමාර හේරත් මහතා, කඳවුරු නායක ලෙස හිටපු දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන මහතා සහ නියෝජ්ය කඳවුරු නායක ලෙස හිටපු දිසා කොමසාරිස් උදේනි නන්දලාල් මහතා කටයුතු කළ හ.
මෙම කඳවුර සඳහා සත්කාරකත්වය ලබාදුන් කෑ/මාව/ මයුරපාද ජාතික පාසලේ විදුහල්පති ඉන්ද්රජිත් ධර්මතිලක මහතා සහ නියෝජ්ය විදුහල්පති සෙනරත් ජයසිංහ මහතා ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය කඳවුරේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන් අතර, බේඩන් පවෙල් (B-P) ප්රතිමාව
ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ජේෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ගේ සුරතින් නිරාවරණය කෙරිණ .

Related

Latest News

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...

Second Day of “Poson Comes to Colombo”

Second Day of “Poson Comes to Colombo”

The second day of the “Poson Comes to Colombo” National Scout Poson Zone, organised by the Sri Lanka Scout Association with the support of state and private institutions and under the coordination of the Presidential Secretariat, was officially opened yesterday (29)...