ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම – 2026

Jan 18, 2026News

වත්තල ජා ඇල බාලදක්ෂ දිසාව විසින් සංවිධානය කරන ලද ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම – 2026

වත්තල ජා ඇල බාලදක්ෂ දිසාව මඟින් 2026 වර්ෂයේ ආරම්භය සනිටුවහන් කිරීම වෙනුවෙන් සහ අභිනව ප්‍රධාන බාලදක්ශ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට ආශිර්වාද කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ආශිර්වාදාත්මක බෝධි පුජා පිංකම 2026.01.18 වන දින කැළණිය රජ මහා විහාරස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ අභිනව ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මැතිතුමා ප්‍රධාන කොමාසාරිස් ධුරයට පත්වීමෙන් පසු සහභාගි වන ලද ප්‍රථම වැඩසටහන මෙය වීමද විශේෂත්වයකි.

වත්තල ජා ඇල බාලදක්ෂ දිසාවේ සිඟිිති, පෝතක, බාලදක්ෂ හා මානවක යන සිව් අංශයන්ම නියෝජනය කරමින් බාලදක්ෂ බාලක බාලිකාවන් ඉතා විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වු අතර, සහාය දිසා කොමසාරිස්වරුන්, දිසා නායක නායිකාවන් මෙන්ම බාලදක්ෂ අචාර්ය මහත්ම මහත්මීන් ඇතුළුව දිසා සංගමයේ නිලධාරී මණ්ඩලය ද මෙම මහඟු පිංකම සදහා සහභාගි විය.

2026 වර්ෂය තුල සිදු කිරිමට නියමිත සියලු බාලදක්ෂ කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීම හා සියළුම ලක් වාසි බාලදක්ෂයින් හා බාලදක්ෂ බාලිකාවන් වෙනුවෙන් සෙත් පැතීම මෙම පිංකම සිදු කිරිමෙහි තවත් අරමුණකි.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...