The 94th Cub Scout Phase IV (Wood Badge) Advanced Course, organized by the Sri Lanka Scout Association (SLSA), commenced on 𝟭𝟵𝘁𝗵 𝗔𝘂𝗴𝘂𝘀𝘁 𝟮𝟬𝟮𝟲 𝗮𝘁 𝘁𝗵𝗲 𝗟𝗲𝗲 𝗗𝗮𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗦𝗰𝗼𝘂𝘁 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗶𝗻 𝗠𝗶𝗿𝗶𝗴𝗮𝗺𝗮. 49 qualified Cub Scout Leaders are participating in this residential training course.
The course is being conducted under the guidance and leadership of 𝗠𝗿. 𝗠𝗮𝗻𝗼𝗷 𝗡𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗸𝗮𝗿𝗮 (𝗔𝘁𝘁𝗼𝗿𝗻𝗲𝘆-𝗮𝘁-𝗟𝗮𝘄), 𝗖𝗵𝗶𝗲𝗳 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿 𝗼𝗳 𝘁𝗵𝗲 𝗦𝗟𝗦𝗔, and 𝗖𝗼𝗹𝗼𝗻𝗲𝗹 (𝗥𝗲𝘁𝗱.) 𝗣𝗮𝗱𝗺𝗮𝗹𝗮𝗹 𝗣𝗲𝗿𝗲𝗿𝗮, National Training Commissioner. 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻, 𝗠𝗿. 𝗥𝗮𝗻𝘀𝗶𝗿𝗶 𝗣𝗲𝗿𝗲𝗿𝗮, graced the opening ceremony as the Chief Guest.
Held under the full supervision of the National Training Team, the course features Miss Chandrani Fernando (LT), Assistant Chief Commissioner, as the Course Advisor. Mr. Namal Gurusinghe (LT) serves as the Course Director, while Mr. Sanjaya Perera (LT) and Mr. Ravindra Ranasinghe (LT) are functioning as Deputy Course Directors.
Led by a faculty of experienced and expert trainers, this prestigious Wood Badge Advanced Course will continue until 24th August 2026.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන 94 වැනි පෝතක බාලදක්ෂ අදියර IV (ලී පදක්කම්) උසස් පාඨමාලාව 2026 අගෝස්තු 19 වන දින මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු කඳවුරේදී ආරම්භ විය. සුදුසුකම් ලත් පෝතක බාලදක්ෂ නායක නායිකාවන් 49 දෙනෙක් ඊට සහභාගී වෙති.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර සහ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් (විශ්රාමික) පද්මලාල් පෙරේරා යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා සහභාගී විය.
ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන පාඨමාලාවේ උපදේශිකාව ලෙස සහකාර ප්රධාන කොමසාරිස් චන්ද්රානි ප්රනාන්දු මෙනෙවිය – LT කටයුතු කරන අතර, පාඨමාලා අධ්යක්ෂ ලෙස නාමල් ගුරුසිංහ – LT මහතා ද, නියෝජ්ය පාඨමාලා අධ්යක්ෂවරුන් ලෙස සංජය පෙරේරා – LT සහ රවින්ද්ර රණසිංහ – LT යන මහත්වරු ද කටයුතු කරති.
ප්රවීණ හා විද්වත් පුහුණුකරුවන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම ලී පදක්කම් උසස් පාඨමාලාව අගෝස්තු 24 වන දින දක්වා පැවැත්වේ.


