𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗮𝗻𝗱 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 – 2026

Aug 1, 2026News

The Second President’s Scout Award and Certificate Presentation Ceremony for 2026 was held with great dignity on 1 August 2026 at the Auditorium of the Sri Lanka Scout Headquarters, under the patronage of Chief Commissioner Manoj Nanayakkara, Attorney-at-Law.
A total of 131 Scouts and Girl Scouts from 24 Scout Districts, including the Northern and Eastern Provinces, received their prestigious honors. These recipients had successfully completed all the requirements and submitted their applications for the President’s Scout Award by April 2026.
The President’s Scout Award, the highest honor a Scout can achieve in Sri Lanka, is a testament to the recipients’ perseverance, dedication, commitment, and determination to overcome challenges in their journey towards excellence.
Organized by the National Programme Department of the Sri Lanka Scout Association, the event was executed under the guidance of the Chief Commissioner and coordinated by National Programme Commissioner Mr. Geeth Ramesh.
Among those in attendance were Deputy Chief Commissioner Kapila Perera, Attorney-at-Law, Assistant Chief Commissioners Mr. Sampath Kariyawasam, Mr. Prabath Kularathna, and Eng. Amil Abesundara, alongside Provincial Commissioners, Headquarters and Assistant Headquarters Commissioners, District Commissioners, Assistant District Commissioners, and a large gathering of proud parents.
 
2026 වසර සඳහා වන දෙවැනි ජනාධිපති බාලදක්ෂ ප්රදානය සහ සමත්වීමේ ලිපි ප්රදානය කිරීමේ උත්සවය ප්රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් 2026 අගෝස්තු 01 වන දින ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථාන ශ්රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම වසරේ අප්රේල් මාසය දක්වා ජනාධිපති බාලදක්ෂ ප්රදානය සඳහා සියලු අවශ්යතා සපුරා ඉල්ලුම් කළ, උතුර සහ නැගෙනහිර පළාත් ද ඇතුළුව බාලදක්ෂ දිසා 24 ක බාලදක්ෂයින් සහ බාලදක්ෂ බාලිකාවෝ 131 දෙනෙක් මෙහිදී ජනාධිපති ප්රදානය සහ සමත්වීමේ ලිපි වලට හිමිකම් කීහ.
ශ්රී ලංකීය බාලදක්ෂයකුට දිනාගත හැකි උසස්ම ප්රදානය වන “ජනාධිපති බාලදක්ෂ ප්රදානය”, නව යොවුන් වියේ පසුවන්නන්ගේ අසීමිත වෙහෙස මහන්සිය, නොපසුබස්නා උත්සාහය, කැපකිරීම් මෙන් ම සියලු බාධක හමුවේ නොසැලී ඉදිරියට යෑමේ උත්සාහයන්හි අසිරිමත් ප්රතිඵලයකි.
ප්රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ මඟපෙන්වීම හා උපදෙස් මත, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතාගේ මෙහෙයවීමෙන් ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික වැඩසටහන් අංශය විසින් මෙම අභිමානවත් උත්සවය සූදානම් කර තිබිණි.
මෙම අවස්ථාවට නියෝජ්ය ප්රධාන කොමසාරිස් නීතිඥ කපිල පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, සහකාර ප්රධාන කොමසාරිස්වරුන් වන සම්පත් කාරියවසම්, ප්රභාත් කුලරත්න සහ ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, මූලස්ථාන සහ සහකාර කොමසාරිස්වරුන්, දිසා කොමසාරිස්වරුන්, සහකාර දිසා කොමසාරිස්වරුන් මෙන් ම දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.
 
2026 ஆம் ஆண்டிற்கான இரண்டாவது ஜனாதிபதி சாரணர் விருது மற்றும் தேர்ச்சிச் சான்றிதழ் வழங்கும் விழா, 2026 ஆம் ஆண்டு ஆகஸ்ட் 1 ஆம் திகதி, பிரதம சாரணர் ஆணையாளர் திரு. மனோஜ் நானயக்கார அவர்களின் தலைமையில் இலங்கை சாரணர் தலைமையக மண்டபத்தில் நடைபெற்றது.
வடக்கு மற்றும் கிழக்கு மாகாணங்கள் உட்பட 24 சாரணர் மாவட்டங்களைச் சேர்ந்த, ஜனாதிபதி சாரணர் விருதுக்கு விண்ணப்பித்து, இந்த ஆண்டு ஏப்ரல் மாதம் வரை அனைத்து தகுதிகளையும் பூர்த்தி செய்த 131 ஆண் மற்றும் பெண் சாரணர்கள், ஜனாதிபதி விருதையும் தேர்ச்சிச் சான்றிதழ்களையும் பெற்றனர்.
ஒரு இலங்கையில் சாரணர் ஒருவன் பெறக்கூடிய மிக உயர்ந்த விருதான “ஜனாதிபதி சாரணர் விருது”, அனைத்து தடைகளையும் கடந்து முன்னேறுவதற்காக இளைஞர்கள் காட்டும் கடின உழைப்பு, விடாமுயற்சி, அர்ப்பணிப்பு மற்றும் தளராத முயற்சிகளின் அற்புதமான விளைவாகும்.
இந்த மதிப்புமிக்க நிகழ்வானது, பிரதம சாரணர் ஆணையாளர், தேசிய திட்டங்கள் ஆணையாளர் திரு. கீத் ரமேஷ் அவர்களின் வழிகாட்டுதல் மற்றும் ஆலோசனையின் கீழ் இலங்கை சாரணர் சங்கத்தின் தேசிய திட்டங்கள் பிரிவால் ஏற்பாடு செய்யப்பட்டது.
பிரதி பிரதம ஆணையாளர் சட்டத்தரணி கபில பெரேரா, தேசிய திட்டங்கள் ஆணையாளர் கீத் ரமேஷ், உதவி பிரதம ஆணையா ளர்கள் சம்பத் கரியவசம், பிரபாத் குலரத்ன மற்றும் பொறியியலாளர் அமில் அபேசுந்தர, மாகாண ஆணையாளர்கள், தலைமையகம் மற்றும் உதவி ஆணையாளர்கள், மாவட்ட ஆணையாளர்கள், உதவி மாவட்ட ஆணையாளர்கள் மற்றும் பல பெற்றோர்கள் இந்த நிகழ்வில் கலந்து கொண்டனர்.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...