සුපිපි බාලදක්ෂ අදියර 1 පාඨමාලා සම්මන්ත්‍රණය සාර්ථක අවසන්…

Aug 29, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මැතිතුමාගේ නව සංකල්පයක් අනුව පළමු වරට හදුන්වා දෙන ලද සුපිපි බාලදක්ෂ අංශයේ පළමු අදියර පාඨමාලාවේ සම්මන්ත්‍රණය 2026.08.29 වන දින ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී
එහිදී අදියර 1 පාඨමාලාව සම්පූර්ණ කළ සුපිපි බාලදක්ෂ නායිකාවන් වෙත පදක්කම් පැළඳවීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කළ අතර එම පාඨමාලාවේ පාඨමාලා නායක ලෙස ජ්‍යේෂ්ඨ පුහුණු කිරීමේ නායක එම්.ඊ.එස්.ජයසිංහ මහතා සහ නියෝජ්‍ය පාඨමාලා නායක ලෙස ජ්‍යේෂ්ඨ පුහුණු කිරීමේ නායිකා සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය කටයුතු කරන ලදී.
බස්නාහිර පළාතේ බාලදක්ෂ දිසා 7 සහ මහනුවර දිසාව නියෝජනය කරමින් පෙර පාසල් නායිකා මහත්මීන් 30 සුපිපි බාලදක්ෂ නායිකාවන් ලෙස සාමාජිකත්වය ට ඇතුලත් වන ලදී. එම අවස්ථාව ට සහය ප්‍රධාන කොමසාරිස් (සුපිපි සහ සිගිති බාලදක්ෂ ) චමිලා කුලසේකර මහත්මිය, පුහුණු කිරීමේ අධ්‍යක්ෂ තිලක්මන් පද්මසිරි මහතා, එන්.අයි. රාමනායක මහතා, මූලස්ථාන කොමසාරිස් ඉනෝකා ජයසේකර මහත්මිය, විශේෂ කොමසාරිස් චන්ද්‍රලාල් දූෂ්මන්ත මහතා ද සහභාගී විය.
 
இலங்கை சாரணர் சங்கத்தின் பிரதம ஆணையாளர் சட்டத்தரணி திரு. மனோஜ் நாணயக்கார அவர்களின் புதிய எண்ணக் கருத்தின்படி, முதன்முறையாக அறிமுகப்படுத்தப்பட்ட சுபிபி சாரணர் பிரிவு கலைக்கூறு ஒன்று பயிற்சிக் கருத்தரங்கு 29.08.2026 அன்று தேசிய சாரணர் தலைமையகத்தில் வெற்றிகரமாக நடைபெற்றது. கலைக்கூறு ஒன்று பயிற்சியை நிறைவுசெய்த சுபிபி சாரணர் தலைவர்களுக்கான சின்னம் சூட்டும் விழா, பிரதம சாரணர் ஆணையாளர் சட்டதத்ரணி திரு. மனோஜ் நாணயக்கார அவர்களின் பங்கேற்புடன் நடைபெற்றது. இப்பயிற்சியின் தலைவராக சிரேஷ்ட பயிற்சித் தலைவர் திரு.எம்.இ.எஸ். ஜெயசிங்கவும், பிரதிப் பயிற்சித் தலைவராக சிரேஷ்ட பயிற்சித் தலைவி உதவி பிரதம ஆணையாளர் செல்வி. சந்திரானி பெர்னாண்டோவும் இருந்தனர். மேல் மாகாணத்தின் சாரணர் மாவட்டம் 7 மற்றும் கண்டி மாவட்டத்தைச் சேர்ந்த 30 சுபிபி சாரணர்கள் உறுப்பினர்களாகச் சேர்க்கப்பட்டனர். உதவி பிரதம ஆணையாளர் (சுபிபி மற்றும் சிங்கிதி சாரணர்கள்) திருமதி. சாமில குலசேகர, பயிற்சி இயக்குனர் திரு. திலக்மன் பத்மசிறி, திரு. என்.ஐ. இ ராமநாயக்க, தலைமையக ஆணையாளர் திருமதி இனோக ஜெயசேகர, சிறப்பு ஆணையாளர் திரு. சந்திரலால் துஷ்மந்தா ஆகியோரும் கலந்துகொண்டனர்.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...