ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ සහය දිසා කොමසාරිස් (සිගිති ) වැඩසටහන 2026 මැයි මස 16 වන දින ප්රධාන කොමසාරිස් නීතිඥ මනොඡ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ඡාතික බාලදක්ෂ මූලස්ථානයේදි පැවැත්විනි.මේ සදහා දිසා 23 නියෝජනය කරමින් සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන් හා නියෝඡිතයන් සහභාගී විය .
ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...


