ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මානවක බාලදක්ෂ නායක පළමු අදියර පාඨමාලාව

May 12, 2026News

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර දෙවන පෙළ ජේලර්වරුන් සහ පුනරුත්ථාපන නිලධාරීන් වෙනුවෙන් පැවත් වන මානවක බාලදක්ෂ නායක පළමු අදියර පාඨමාලාව (12) සහ (13) දෙදින පුරා මීරිගම ලී දසනායක පුහුණු මධ්යස්ථානයේ දී පැවැත් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ ජේලර්වරුන් හා පුනරුත්ථාපන නිලධාරීන් 45 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා එක්ව සිටී අතර පාඨමාලාව විවෘත කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) සේනක පල්ලේතැන්න මහතා සහභාගි විය.
මෙම පාඨමාලා නායකවරුන් ලෙස සහය ප්රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද, පුහුණු කිරීමේ නායක නිමල් ප්රනාන්දු මහත්වරුන් කටයුතු කළ අතර බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා), බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා විසින් මෙම පාඨමාලාව සංවිධානය කර තිබිණි.
මේ අවස්ථාවට ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පුහුණු කිරීමේ අධ්යක්ෂ, මූලස්ථාන කොමසාරිස් තිලක්මන් පද්මසිරි, විශේෂ කොමසාරිස් ප්රියදර්ශනී ජයකොඩි, මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකොන්, පුහුණු කිරීමේ නායක ඩිලාන් සෝමරත්න මහත්ම මහත්මීන් එක්ව සිටියහ

Related

Latest News

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සැමරුම් කඳවුර (04 වන කැබෝරිය) 2026 ජූනි 26 සිට 29 දක්වා මාවනැල්ල පොදු ක්‍රීඩාංගණය සහ කෑ/මාව/ මයුරපාද ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථක ලෙස පැවැත්විණි. කඳවුරේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ...