ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්

Apr 18, 2026News

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්, අලුත් අවුරුද්දේ ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද දින බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතා, ජාත්යන්තර කොමසාරිස් වෛද්ය අසංක ඒරියාව මහතා යන මහත්වරුන් ප්රමුඛ සහය ප්රධාන කොමසාරිස්වරු, පළාත් කොමසාරිස්වරු සහ ජාතික ලේකම් එම්.ඊ.එස්. ජයසිංහ මහතා ප්රමුඛ මූලස්ථාන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.
අලුත් අවුරුදු කැවිලි මේසයක් ද සූදානම් කර තිබූ අතර, චාරිත්රානුකූලව අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් මෙලෙස වැඩ කටයුතු ආරම්භ කරන ලදී.
මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ශ්රී ලංකාව පුරා විසිරී පවතින බාලදක්ෂ ප්රජාවට සිය සුබ පැතුම් එක් කළේය. එමෙන්ම, අනාගත දරු පරපුරට යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා බාලදක්ෂ නායකයින් හා කොමසාරිස්වරුන් වැඩි කැපවීමෙන් ක්රියා කළ යුතු බවද අවධාරණය කළේය.
ඉන් අනතුරුව, ප්රධාන කොමසාරිස්තුමාගේ ප්රධානත්වයෙන් ජ්යෙෂ්ඨ කොමසාරිස්වරුන්ගේ රැස්වීමක්ද බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...