ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, මහනුවර දිසා ශාඛාවේ 2025/2026 මහා සභා රැස්වීම සහ 106 වන සංවත්සරය සැමරීම කුණ්ඩසාලේ, පල්ලේකැලේ, බාලදක්ෂ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී (28) දින පවැත්විණි.
ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මහාසභා රැස්වීම සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමන් නියොඡනය කරමින් අණ්ඩුකාර මාධ්‍ය ලේකම් සහ මධ්‍යම පළාත් බාලදක්ෂ කොමසාරිස් ක්‍රිෂාන් වාසලගේ මහතාද සහභාගී විය.
මෙහිදි පසුගිය මහා සභා වාර්තා, ප්‍රගතිය හා අය වැය වාර්තා ඉදිරිපත් කිරීම, දිසා බාලදක්ෂ කටයුතු පිළිබඳ වාර්තා සහ යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරිණි. එමෙන්ම 2026/2027 වර්ෂ සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ දිසා කොමසාරිස් ලෙස කටයුතු කළ කපිල ප්‍රියන්ත මහතා ඇගයීම ද සිදුවිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පත්මලාල් පෙරේරා ,සහය ප්‍රධාන කොමසාරිස් වරුන්, විශේෂ කොමසාරිස්වරුන් , පළාත් කොමසාරිස්වරුන් , මහනුවර දිසා කොමසාරිස් මංජුල විජේසිංහ අතුළු මහනුවර දිසා බාලදක්ෂ නායක නායිකාවන්, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ කේ.ඩි.ඩි. ප්‍රියදර්ශනි මහත්මිය ඇතුළු මහනුවර දිසා බලදක්ෂ සංගමයේ සාමාජිකයින් රැසක් එක් වූහ.
Appointed as the Acting Assistant Chief Commissioner (Singithi and Supipi)
"Mrs. Chamila Kulasekara has been appointed as the Acting Assistant Chief Commissioner (Singithi and Supipi) by the Chief Commissioner, Attorney-at-Law Mr. Manoj Nanayakkara. The relevant letter of appointment was presented to her by the Chief Commissioner at the Sri...


