පොසොන් තොරණ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරේ…….

Jun 21, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන “ජාතික බාලදක්ෂ පොසොන් කලාපයේ ” වැඩකටයුතු ආරම්භ කරමින් පොසොන් තොරණ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරේ…….
​ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට “කොළඹටත් පොසොන්” යන තේමාව පෙරදැරි කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ මඟපෙන්වීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වය ඇතිව සංවිධානය කරනු ලබන “ජාතික බාලදක්ෂ පොසොන් කලාපයේ තොරණ සඳහා ආශීර්වාද ලබාගැනීම සඳහා වන කප් සිටුවීමේ චාරිත්‍රය අද උදෑසන සුබ මොහොතින් පැවැත්විණි.
​මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චාරිත්‍රය සිදු කෙරිණි. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස මෙම වැඩසටහන හා සම්බන්ධ වී සිටිති.
​114 වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ප්‍රධාන කොමසාරිස් මනෝජ් නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව මෙවැනි ජාතික මට්ටමේ පොසොන් කලාපයක් සංවිධානය කරනු ලබන්නේ, කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ජනතාවට පොසොන් උත්සවයේ අසිරිය හා භක්තිය අත්විඳීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්ය.
​එම ජාතික බාලදක්ෂ පොසොන් කලාපය එළඹෙන ජුනි මස 28 සහ 29 යන දෙදින තුළ, සවස 6.30 සිට මධ්‍යම රාත්‍රී 1.00 දක්වා කොළඹ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ, ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ මාර්ගය දෙපස පැවැත්වේ.
​බාලදක්ෂ අනන්‍යතාවය මනාව විදහා දැක්වෙන පරිදි සැකසෙන මෙම කලාපය, බාලදක්ෂයින්, ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වයෙන් නිර්මාණය වන යාන්ත්‍රික හා ස්වාභාවික පොසොන් කූඩු, භක්ති ගීත ප්‍රසංග, උඩට නැග අත්දැකීය හැකි දැවැන්ත මිහිතලා අනුරුවක්, තොරණ, ආකර්ෂණීය ආලෝක රටා සහ උසස් ප්‍රමිතියකින් යුත් දන්සැල්වලින් සමන්විත වේ. මෙය සැබවින්ම සමස්ත ජාතියේම සංස්කෘතික මංගල්‍යයක් බවට පත්වනු නොඅනුමානය.
​මෙම අපූර්ව අත්දැකීම විඳගැනීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සමස්ත ලක්වැසි ජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...