පොසොන් තොරණ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරේ…….

Jun 21, 2026News

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන “ජාතික බාලදක්ෂ පොසොන් කලාපයේ ” වැඩකටයුතු ආරම්භ කරමින් පොසොන් තොරණ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්රය සිදුකෙරේ…….
​ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ඉතිහාසයේ ප්රථම වතාවට “කොළඹටත් පොසොන්” යන තේමාව පෙරදැරි කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ මඟපෙන්වීම සහ රාජ්ය හා පෞද්ගලික අංශවල දායකත්වය ඇතිව සංවිධානය කරනු ලබන “ජාතික බාලදක්ෂ පොසොන් කලාපයේ තොරණ සඳහා ආශීර්වාද ලබාගැනීම සඳහා වන කප් සිටුවීමේ චාරිත්රය අද උදෑසන සුබ මොහොතින් පැවැත්විණි.
​මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්යයේ, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් මෙම චාරිත්රය සිදු කෙරිණි. එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම (ලේක්හවුස්) මුද්රිත මාධ්ය අනුග්රාහකයා ලෙස මෙම වැඩසටහන හා සම්බන්ධ වී සිටිති.
​114 වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්රී ලංකා බාලදක්ෂ සංගමය, ප්රධාන කොමසාරිස් මනෝජ් නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව මෙවැනි ජාතික මට්ටමේ පොසොන් කලාපයක් සංවිධානය කරනු ලබන්නේ, කොළඹ නගරය කේන්ද්ර කරගනිමින් සමස්ත ජනතාවට පොසොන් උත්සවයේ අසිරිය හා භක්තිය අත්විඳීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්ය.
​එම ජාතික බාලදක්ෂ පොසොන් කලාපය එළඹෙන ජුනි මස 28 සහ 29 යන දෙදින තුළ, සවස 6.30 සිට මධ්යම රාත්රී 1.00 දක්වා කොළඹ ශ්රීමත් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ, ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ මාර්ගය දෙපස පැවැත්වේ.
​බාලදක්ෂ අනන්යතාවය මනාව විදහා දැක්වෙන පරිදි සැකසෙන මෙම කලාපය, බාලදක්ෂයින්, ආරක්ෂක අංශ මෙන්ම රාජ්ය හා පෞද්ගලික අංශවල දායකත්වයෙන් නිර්මාණය වන යාන්ත්රික හා ස්වාභාවික පොසොන් කූඩු, භක්ති ගීත ප්රසංග, උඩට නැග අත්දැකීය හැකි දැවැන්ත මිහිතලා අනුරුවක්, තොරණ, ආකර්ෂණීය ආලෝක රටා සහ උසස් ප්රමිතියකින් යුත් දන්සැල්වලින් සමන්විත වේ. මෙය සැබවින්ම සමස්ත ජාතියේම සංස්කෘතික මංගල්යයක් බවට පත්වනු නොඅනුමානය.
​මෙම අපූර්ව අත්දැකීම විඳගැනීම සඳහා ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සමස්ත ලක්වැසි ජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

Related

Latest News

WOSM Asia-Pacific Regional delegation visits Sri Lanka

WOSM Asia-Pacific Regional delegation visits Sri Lanka

A high-level delegation from the Asia-Pacific Regional (APR) Scout Committee of the World Organization of the Scout Movement (WOSM), led by its Chairman, Dr M. Zin Bin Biddin, met with Senior Additional Secretary to the President Roshan Gamage at the Presidential...

𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 𝗦𝗲𝗰𝗿𝗲𝘁𝗮𝗿𝘆 𝗚𝗿𝗮𝗰𝗲𝘀 𝗞𝗗𝗨–𝗪𝝤𝗦𝗠 𝗦𝗰𝝾𝘂𝘁𝗶𝗻𝗴 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗖𝝾𝘂𝗿𝘀𝗲 𝗚𝗿𝗮𝗱𝘂𝗮𝘁𝗶𝝾𝗻 𝗖𝗲𝗿𝗲𝗺𝝾𝗻𝘆

𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 𝗦𝗲𝗰𝗿𝗲𝘁𝗮𝗿𝘆 𝗚𝗿𝗮𝗰𝗲𝘀 𝗞𝗗𝗨–𝗪𝝤𝗦𝗠 𝗦𝗰𝝾𝘂𝘁𝗶𝗻𝗴 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗖𝝾𝘂𝗿𝘀𝗲 𝗚𝗿𝗮𝗱𝘂𝗮𝘁𝗶𝝾𝗻 𝗖𝗲𝗿𝗲𝗺𝝾𝗻𝘆

Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd.) attended as the Chief Guest at the graduation ceremony of the Course for Scouting Management, jointly organised by Sir John Kotelawala Defence University (KDU) and the Asia-Pacific Regional Support Centre...