ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

Sep 12, 2026News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි.
වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු හරහා, සංගමයේ ජාතික පුහුණු කිරීමේ සහ වැඩසටහන් දෙපාර්තමේන්තුවල කටයුතු ජාතික බාලදක්ෂ මූලස්ථානය සමඟ මනා සම්බන්ධතාවයකින් යුතුව උසස් මට්ටමකින් පවත්වාගෙන යාම මූලික අපේක්ෂාව වේ.
ජාතික බාලදක්ෂ පුහුණු හා වැඩසටහන් වල සංවර්ධනය සහ ඒ සම්බන්ධ සැලසුම් සහ තීන්දු තීරණ බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීමේදී එම යාන්ත්‍රණය ප්‍රධාන වශයෙන් පළාත් මූලික කරගනිමින් ක්‍රියාත්මක වන බැවින්, ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් පැවතීමේ වැදගත්කම හඳුනාගනිමින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව, එම කටයුතුවල ඵලදායිතාව ඉහළ නැංවීමට විශේෂ අවධානයක් යොමු කරමින්, මෙම පළාත් සංවර්ධන කමිටු ස්ථාපිත කර නිලධාරීන් පත් කරන ලද අතර, ඔවුන් සඳහා අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද
ප්‍රධාන කොමසාරිස්තුමා අතින් සිදු විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා, විධායක කමිටුවේ සභාපති ඉංජිනේරු කමල්නාත් ජිනදාස, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, සහකාර ප්‍රධාන කොමසාරිස්වරුන් වන සම්පත් කාරියවසම්, කපිල ප්‍රියන්ත, දේශාන් මිලින්ද, පෝතක සහ බාලදක්ෂ බාලිකා අංශ භාර සහකාර ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය, ප්‍රධාන කොමසාරිස් සම්බන්ධීකරණ විශේෂ කොමසාරිස් එම්.ඊ.එස්. ජයසිංහ, ජාතික පුහුණු මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් සහ මූලස්ථාන කොමසාරිස්වරුන් වන තිලක්මන් පද්මසිරි හා එන්.අයි. රාමනායක, පළාත් කොමසාරිස්වරුන් වන කපිතාන් රුවන් බාලචන්ද්‍ර, උපුල් කලන්සුරිය, පී. සශිකුමාර්, යු.කේ. බණ්ඩාර, කේ.ටී.ඩී. වාසලගේ යන මහත්වරුන් ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් අදාළ කමිටුවල සහකාර අධ්‍යක්ෂ ධූරවලට පත්වූ මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...