ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම – 2026

Jan 18, 2026News

වත්තල ජා ඇල බාලදක්ෂ දිසාව විසින් සංවිධානය කරන ලද ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම – 2026

වත්තල ජා ඇල බාලදක්ෂ දිසාව මඟින් 2026 වර්ෂයේ ආරම්භය සනිටුවහන් කිරීම වෙනුවෙන් සහ අභිනව ප්‍රධාන බාලදක්ශ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට ආශිර්වාද කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ආශිර්වාදාත්මක බෝධි පුජා පිංකම 2026.01.18 වන දින කැළණිය රජ මහා විහාරස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ අභිනව ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මැතිතුමා ප්‍රධාන කොමාසාරිස් ධුරයට පත්වීමෙන් පසු සහභාගි වන ලද ප්‍රථම වැඩසටහන මෙය වීමද විශේෂත්වයකි.

වත්තල ජා ඇල බාලදක්ෂ දිසාවේ සිඟිිති, පෝතක, බාලදක්ෂ හා මානවක යන සිව් අංශයන්ම නියෝජනය කරමින් බාලදක්ෂ බාලක බාලිකාවන් ඉතා විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වු අතර, සහාය දිසා කොමසාරිස්වරුන්, දිසා නායක නායිකාවන් මෙන්ම බාලදක්ෂ අචාර්ය මහත්ම මහත්මීන් ඇතුළුව දිසා සංගමයේ නිලධාරී මණ්ඩලය ද මෙම මහඟු පිංකම සදහා සහභාගි විය.

2026 වර්ෂය තුල සිදු කිරිමට නියමිත සියලු බාලදක්ෂ කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීම හා සියළුම ලක් වාසි බාලදක්ෂයින් හා බාලදක්ෂ බාලිකාවන් වෙනුවෙන් සෙත් පැතීම මෙම පිංකම සිදු කිරිමෙහි තවත් අරමුණකි.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...