දිසා කොමසාරිස්වරුන්ගේ සමුළුව

Mar 7, 2026News

රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ “දිසා කොමසාරිස්වරුන්ගේ සමුළුව” ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී 2026-03-07 දින පැවැත්විණි.

 
දිස්ත්‍රික්කයන්හි සිදුකරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳ මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ලැබූ අතර මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳවත්, අළුතින් ස්ථාපිත කිරීමට නියමිත පොලිස් බාලදක්ෂ අංශය සහ සුපිපි බාලදක්ෂ අංශය සම්බන්ධයෙන් ද ප්‍රධාන කොමසාරිස්තුමා විසින් දිසා කොමසාරිස්වරුන් දැනුම්වත් කරන ලදී. යම් පරිපාලන දිස්ත්‍රික්කයක් බාලදක්ෂ දිසාව ලෙස පවත්වාගෙන යනු ලබන පාරිපාලන දිස්ත්‍රික තුල නව බාලදක්ෂ දිසා ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවදානය යොමුකරන ලදි.
භූගෝලිය විශාලත්වය , ප්‍රවාහන දුෂ්කරතා , මානව සම්පත හීනවීම වැනි තමන්ට මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන් දිසා කොමසාරිස්වරු අදහස් දක්වන ලදී.
 
මේ අවස්ථාවට ජාතික වැඩසටහන් කොමසාරිස් , ජාත්‍යන්තර කොමසාරිස්,සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, විශේෂ කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන් සහ සහය මුලස්ථාන කොමසරිස් වරු ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...