ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලබන 06 වන IV අදියර සිඟිති බාලදක්ෂ උසස් පාඨමාලාව

May 7, 2026News

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලබන 06 වන IV අදියර සිඟිති බාලදක්ෂ උසස් පාඨමාලාව මැයි මස (05) වැනිදා සිට (10) වැනිදා දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්යස්ථානයේ දී පැවැත් වේ.
මෙහි සමාරම්භක උළෙල ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත් වූ අතර පාඨමාලා උපදේශක ලෙස සහකාර ප්රධාන කොමසාරිස් ( පෝතක සහ බාලදක්ෂ බාලිකා) චන්ද්රානි ප්රනාන්දු මෙණෙවිය කටයුතු කරනු ලබයි.
පාඨමාලා අධ්යක්ෂක ලෙස ජාතික වැඩසටහන් කොමසාරිස්, පුහුණු කිරීමේ නායක, ගීත් රමේෂ් මහතා හා නියෝජ්ය පාඨමාලා අධ්යක්ෂිකා ලෙස පුහුණු කිරීමේ නායිකා ඉනෝකා ජයසේකර මහත්මිය කටයුතු කරති.
මෙම අවස්ථාවට ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා මහතා ඇතුළු පුහුණු කිරීමේ නායකයන් රැසක් සහභාගි වෙති.

Related

Latest News

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සැමරුම් කඳවුර (04 වන කැබෝරිය) 2026 ජූනි 26 සිට 29 දක්වා මාවනැල්ල පොදු ක්‍රීඩාංගණය සහ කෑ/මාව/ මයුරපාද ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථක ලෙස පැවැත්විණි. කඳවුරේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ...