93 වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව ආරම්භ වේ.

Apr 21, 2026News

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය මගින් මෙහෙයවන 93 වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව අද දින උදෑසන මීරිගම ලී දසනායක බාලදක්‍ෂ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
2026 අප්‍රේල් 21 දින සිට 26 දින දක්වා ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් ලසන්ත නානායක්කාර මහතාගේ මග පෙන්වීම යටතේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතාගේ උපදේශකත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්වේ මෙහි සම්බන්ධීකරණ කටයුතු පෝතක බාල දක්ෂ කටයුතු භාර සහාය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රාණි ප්‍රනාන්දු මෙනවිය මෙහෙයවනු ලබයි. මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂක ලෙස කේ භාරතී මහත්මිය කටයුතු කරන අතර නියෝජ්‍ය පාඨමාලා අධ්‍යක්ෂකවරුන් ලෙස නාමල් ගුරුසිංහ මහතා සහ G.w ආරියමාලා මහත්මිය කටයුතු කරනු ලබයි. පුහුණු කිරීමේ අධ්‍යක්ෂකවරුන්වන ඉන්ද්‍රජිත් රාමනායක සහ තිලක්මන් පද්මසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයක් පාඨමාලාවේ කටයුතු කරනු ලැබේ .
බාලදක්‍ෂ දිස්ත්‍රික්ක 13 නියෝජනය කරමින් පාඨමාලාභී ගුරුභවතුන් හතළිස් තුන් දෙනකු පාඨමාලාව සඳහා සහභාගී වේ. පෝතක බාල දක්ෂ දරුවන් පුහුණු කිරීමට අදාළ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මෙම පාඨමාලාව ඇතුළත ලබා දෙන අතර මෙය සාර්ථකව හදාරන ගුරු භවතුන් සඳහා හතරවන අදියර සමත් බවට සහතික පත්‍රයක් හිමි වේ. ඉන්පසු වසර තුනක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමෙන් ඔහුට බාලදක්‍ෂ උපාධිය හෙවත් ලී පදක්කම ලබා ගත හැක.

Related

Latest News

රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන “රත්බොරී 2026” (RatBoree 2026) නිල ලාංඡනය

රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන “රත්බොරී 2026” (RatBoree 2026) නිල ලාංඡනය

රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන "රත්බොරී 2026" (RatBoree 2026) නිල ලාංඡනය ප්‍රධාන කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට නිල වශයෙන් පිළිගැන්වීම සහ රත්බොරී දිසා රැළිය සඳහා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමන්ට ආරාධනා කිරීම ඊයේ (ඔක්තෝම්බර් 3 වන...

𝗕𝗣 𝗔𝘄𝗮𝗿𝗱 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆

𝗕𝗣 𝗔𝘄𝗮𝗿𝗱 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆

The BP Award, the highest award of the Rover Scout Section of the Sri Lanka Scout Association, was proudly presented today at the Sri Lanka Scout Association Auditorium. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මානවක බාලදක්ෂ අංශයේ උසස්ම ප්‍රදානය වන BP ප්‍රදානය පිරිනැමීමේ...