සෑම බාලදක්ෂ දිසාවකටම ප්‍රථමාධාර කට්ටලයක් ලබාදීමේ වැඩසටහන සහය ප්‍රධාන කොමසාරිස් (සංවර්ධන) දේශාන් මිලින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ බාලදක්ෂ ව්‍යාපාරයට සුභ පතන්නන්ගේ දායකත්වයෙන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රදාන්වයෙන් කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී 2026-03-07 දින පැවැත්විණි.
මේ අවස්ථාවට ජාතික වැඩසටහන් කොමසරිස් , ජාත්‍යන්තර කොමසාරිස් ,සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, විශේෂ කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස් වරුන් සහ සහය මුලස්ථාන කොමසාරිස් වරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


