බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

Aug 19, 2026News

ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල මංමාවත් පිරිසිදු කිරීමේ ශ්රමදානයක් බෙල්ලන්විල බාලදක්ෂයන්ගේත්, බාලදක්ෂ නායක නායිකාවන් හා දෙමාපියන්ගේත් සහභාගීත්වයෙන් පැවැත්වූ අතර මෙවර බෙල්ලන්විල බාලදක්ෂයන්ට සහයෝගය දැක්වීම සඳහා පිළියන්දල ධර්මරාජ විද්යාලයේ බාලදක්ෂයන්ද එක් විය.
මෙම සමාජ මෙහෙවරට දායක වූ පුහුණු කිරීමේ නායක සහ සමූහ බාලදක්ෂ නායක රස්කින් වන්නිආරච්චි මහතා ප්රමුඛ බෙල්ලන්විල බාලදක්ෂ සමූහයට සහ පිළියන්දල ධර්මරාජ බාලදක්ෂ සමූහයට බාලදක්ෂ ආචාරය.
එමෙන්ම,
2026 බෙල්ලන්විල ඇසළ පූජෝත්සවය වෙනුවෙන් බෙල්ලන්විල බාලදක්ෂ සමූහයේ දෙමව්පියන් විසින් මූල්යමය දායකත්වයක් ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන් වෙත ලබාදෙන ලදි.

Related

Latest News

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐜𝐨𝐮𝐭 𝐂𝐨𝐧𝐭𝐢𝐧𝐠𝐞𝐧𝐭 𝐚𝐭 𝐭𝐡𝐞 𝟏𝟓𝐭𝐡 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐉𝐚𝐦𝐛𝐨𝐫𝐞𝐞 𝟐𝟎𝟐𝟔🇱🇰

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐜𝐨𝐮𝐭 𝐂𝐨𝐧𝐭𝐢𝐧𝐠𝐞𝐧𝐭 𝐚𝐭 𝐭𝐡𝐞 𝟏𝟓𝐭𝐡 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐉𝐚𝐦𝐛𝐨𝐫𝐞𝐞 𝟐𝟎𝟐𝟔🇱🇰

The Sri Lanka Scout Contingent, comprising 𝟭𝟳𝟳 𝗦𝗰𝗼𝘂𝘁𝘀, proudly participated in the Opening Ceremony of the 15th Malaysia Jamboree 2026, held at the Penang State Stadium, Batu Kawan, on 29 August 2026. The ceremony was officially inaugurated by 𝗣𝗿𝗶𝗺𝗲 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳...

𝐖𝐢𝐧𝐧𝐞𝐫𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧

𝐖𝐢𝐧𝐧𝐞𝐫𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧

The 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝗴𝗲𝗻𝘁 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 has proudly secured 1st 𝗣𝗹𝗮𝗰𝗲 in the 𝗠𝗲𝗱𝗶𝗮 𝗖𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻 at the 15th Malaysia Scout Jamboree 2026, held on 30 August 2026. Through exceptional creativity, dedication, teamwork, and commitment, the Media Unit has distinguished...